Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කොරෝනාව මැද්දේ ටෙලිකොම් උපරිමයෙන් සේවාව ලබා දෙයි
යහපාලනයට වසර 4ක් විසදිය නොගැකිව තිබූ සේවක ගැටළුව ජනපති ගෝටා මාස තුනෙන් විසදයි


කොවිඩ් 19 ගෝලීය වසංගතයට ලංකාවත් මුහුණදී අති දුෂ්කර තත්ත්වයක සිටින මොහොතක පවා සියලුම ප්‍රධාන පෙළේ රෝහල් , ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ, නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු වසංගතයට සෘජුව මුහුණ දෙන පාර්ශවයන්ගේ විදුලි සංදේශන සියඵ උපරිමයෙන් සපයමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT ) සිදු කරන සේවය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් ව ඇත.

අවධානම් මධ්‍යයේ තිබෙන සේවා සැපයීම් ගැටලුවකින් තොරව අඛණ්ඩව ලබාදෙමින් පමණක් නොව සුවසැරිය ගිලන් රථ සේවය ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනක ඉල්ලීම මත නව සේවාවන් සැපයීමට SLT කටයුතු කළ ආකාරයත් ප්‍රශංසනීයය.



එපමණක් නො ව නිවසේ සිට සේවය කරන පිරිසට අවශ්‍ය සේවාවන් සපයමින් , ඇඳිරි නීතිය නිසා නිවසේ සිර වී සිටින පිරිසට අන්තර් ජාල පහසුකම් සඳහා විවිධාකාර සේවාවන් මුදල් අය කිරීමකින් තොරව සහ විවිධ වට්ටම් ලබා දෙමින් SLT සිදු කරන සේවය අගය කළ යුතු ය. මෙකී සේවාවන් සැපයීම සඳහා රුපියල් මිලියන 475 කට අධික මුදලක් වැය කර ඇති බවත් වාර්තා වෙයි. 

මේ ආකාරයට වසංගත තත්වයකදී ප්‍රශංසා ලැබීමට තරම් ආයතනය සහ සේවක කොටස් විශිෂ්ටත්වයට ගෙන ගියේ SLT හී නව සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේය යන්නත් සඳහන් කළ යුතුමය.

මෑන්පවර් සේවකයන් ටෙලිකොම් මවු සමාගමට

එසේම මෙතෙක් කල් පරිබාහිරව ආයතනයට සේවය කළ සේවකයන් 1802 ක පිරිසක් හා සම්බන්ධව වසර කිහිපයක සිට විසඳාගැනීමට නොහැකි ව තිබූ ප්‍රශ්නයක් විසඳීමටත් නව පාලන අධිකාරිය සමත් වී ඇත.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙය වෘත්තීය සමිති සමඟද එක්වී නිසි ක්‍රමවේදයකට අනුව විසඳා ගැනීමට හැකි ව තිබීම ය. මෙම විසඳුමෙන් ආයතනයට මෙන්ම සේවකයන්ට ද මහත් ප්‍රතිලාභ ලැබෙන බවත් නිසැකය.

මේ පිළිබදව එම සේවකයන් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට සහ තමන් ස්තීර කරන මෙන් ඉල්ලා වසර ගණනාවක තිස්සේ සටනේ පෙරමුණ ගත් වෘතීය සමිතිවලටද ස්තූතිය පල කරයි.


ටෙලිකොම් ඉදිරි ගමන සුභයි...

පසුගිය වසරේ SLT සමූහය රුපියල් බිලියන 86ක ආදායමක් ලබා ඇත. SLT සමූහයේ ඉදිරි ව්‍යාප්තිය සඳහා ශක්තිමත් අඩිතාලමක් ඉදි කරමින් SLT සහ මොබිටෙල් එකම සන්නාම තලයකට ගෙන එකිනෙකා ශක්තිමත් කර ගනිමින් ප්‍රබල වෙළඳ වෙළඳ නාමයක් ගොඩ නගමින් සිටියි. 

මේ හරහා කොටස් වෙළඳ පොළට අනුබද්ධ ව්‍යාපාරයක් ලෙස ආයෝජකයන් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය හරහා ආයෝජනය කර ඇති ආයෝජකයන් හට විශාල රුකුලක් වනු ඇත.මේ හරහා කොටස් වෙළඳ පොළට අනුබද්ධ ව්‍යාපාරයක් ලෙස ආයෝජකයන් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය හරහා ආයෝජනය කර ඇති ආයෝජකයන් හට විශාල රුකුලක් වනු ඇත.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook