Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවයක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. රැස්වීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී පැවැත්විණ.

මෙම කෞතුකාගරය ඉදි කිරීමට ස්ථානයක් ද මේ වන විට හදුනාගෙන තිබේ. එය ගුවන් තොටුපළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ක ඉඩමකි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේ කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ කොටි ප්‍රහාරයේ තොරතුරු ද ඊට ඇතුළත් කරන ලෙසයි.


අගෝස්තු 01 වෙනි දා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරිමේ දී ජාත්‍යන්තර ගුවන් නීති රිති ක්‍රියාත්මක කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය අංශ බළධාරීන්ගේත් නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මගී ගුවන් යානා ප්‍රමාදය වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස කීවේය.

දිවයිනට පැමිණෙන සියලුම ගුවන් යානා ඒ සදහා විශේෂිත වු හුදකලා ස්ථානයක නතර කිරීමටත් ගුවන් යානා විෂාබීජානුහරණය කිරීමටත් කටයුතු යොද ඇතැයි මෙහිදී අනාවරණය විය. නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සදහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සදහා නව සේවකයන් බදවා ගැනීමේ දී පණවා ඇති නීති සීමා වහා ඉවත් කරන ලෙසද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. ඔහු අවධාරණය කළේ මෙම අධිකාරිය තුළ ඇතැම් තනතුරු සදහා බදවා ගැනීම් වලදී එම ක්ෂේත්‍ර යේ වසර 20 ක පළපුරුද්ද ඉල්ලා සිටින බවයි. අධිකාරියේ ප්‍රධාන නිළධාරියෙකු වසර ගණනාවක් තිස්සේ සේවය දීර්ඝ කරමින් සිටි බව පැවසු ඇමතිවරයා මේ තත්ත්වය වෙනස් කළයුතු බව පෙන්වා දුන්නේය. ඒ නිසා මෙම ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ට ද පිවිසීමට හැකි පරිදි බදවා ගැනීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements