සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් පොහොය දිනය අදයි : ඔබ සැමට සුභ වෙසගක් වේවා..! | Today is Vesak Full Moon Poya Day
derana gossip
,
FEATURED
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hiru gossip
,
Hot Talks
,
Latest News
,
neth gossip
,
News
,
Vesak
,
Vesak Festival
,
Vesak Full Moon Poya Day
,
web gossip
සම්බුදු තෙමගුල සිහිපත් කරනවෙසක් පොහොය දිනය අදයි
දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.



















