Advertisement

තමන් කිසිදිනෙක කැබිනට් ඇමතිකමක් මිස රාජ්‍ය ඇමතිකමක් දරා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා දුරකතනයෙන් අමතමිනුයි.
ඔහුට නම් කර ඇත්තේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කම බව දැනගත් පසු ජනාධිපති උපදේශක වරයා අමතමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිවරුන් සඳහා කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයක් මගින් පවරා නැති බවද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර තිබුණා.

තමන්ට බොරුවට ඇමතිකම් අවශ්‍ය නැති බවත් එවන් ඇමතිධුර තමන් බාර ගන්නේ නැති බවත් පවසමින් ඔහු එහිදී සඳහන් කර ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements