Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මංගල, රනිල් ගේ ගෙදර ගිහින් !!!!
දැන් රනිල්ට ඕන පක්ෂ මහ ලේකම්කමත් වෙනස් කරන්න

ගිය සඳුදා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.

රනිල්ගෙන් හිස්වන පක්ෂ නායකත්වය සඳහා තමන් සමග රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන තරග කරන බවත් එහිදී අකිල කිව්වා.

නමුත් පුදුමයකට මෙන් කවුරුත් බලාපොරොත්තු වූ නවීන් දිසානායක මේ නායකත්ව පොරයේ හිටියේ නෑ. මේ ගැන මාධ්‍යවේදියෙක් අකිලගෙන් ප්‍රශ්න කළ විට අකිල කිව්වේ නවීන් මේ තරගයේ නැති බව. නමුත් මැතිවරණ සමයේදී නුවරඑළියේදී රනිල් ළඟ තියාගෙන නවීන් කිව්වේ රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනීමට තමන්ටද බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එහෙම කිව්ව නවීන් මෙච්චර ඉක්මනට පසු බැස්සේ ඇයි?

මාධ්‍ය හමුවෙන් පසු අකිල ඇතුළු එජාපයේ නායකත්වය බලාපොරොත්තු වනවා කිව්වා හැමෝම හිටපු කථානායක කරු ජයසූරිය හමුවෙන්න කරුගේ නිවසට ගියා. හතර දෙනෙක් ඔටුන්නට පොරකන කුමාරවරු හිටිගමන් කරුගේ නිවසට ගියේ ඇයි?

මාධ්‍ය හමුවෙන් පසු අකිල ඇතුළු එජාපයේ නායකත්වය බලාපොරොත්තු වනවා කිව්වා හැමෝම හිටපු කථානායක කරු ජයසූරිය හමුවෙන්න කරුගේ නිවසට ගියා. හතර දෙනෙක් ඔටුන්නට පොරකන කුමාරවරු හිටිගමන් කරුගේ නිවසට ගියේ ඇයි?

මේ දේවල් මෙහෙම වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් මාතර සිටින මංගල සමරවීරට දුරකථන ඇමැතුමක් ලබා දුන්නා. ඔවුන්ට ඉක්මනින්ම මංගල හමු විය යුතු බව ඔවුන් කිව්වා. නමුත් මංගල ඔවුන්ට කියා සිටියේ මේ මොහොතේ කිසි සේත්ම තමන්ට ඔවුන් හමු විය නොහැකි බවයි. ලබන සෙනසුරාදායින් පසු නොවරදවාම තමන් සියලු දෙනාම හමු වන බවත් ඔහු පැවසුවා.

මංගල, රනිල් ගේ ගෙදර ගිහින් !
එජාප මන්ත්‍රී කණ්ඩායම හමු වීම මංගල මේ විදිහට ප්‍රතික්ෂේප කළත් පසුගිය ඉරිදා මංගල රනිල්ව හමුවුණා. ඒ කොළඹ පිහිටි රනිල් ගෙදරදී. ගිය ඉරිදා හැකි ඉක්මනින් තමා හමුවන ලෙසට රනිල් වික්‍රමසිංහ මංගල සමරවීරට පණිවිඩයක් යැව්වා.

ඒ අනුව ඉරිදා සවස 6ට මංගල රනිල්ගේ ගෙදරට ආවා. 6ට පටන් ගත්ත සාකච්ඡාව ඉවර වෙන කොට රෑ 9ටත් ළංවෙලා තිබුණා. තමන්ගේ හිතේ තිබුණ විදිහටම සියල්ල විසඳීම ගැන රනිල් ගේ හිතේ තිබුණේ සැනසුම් දායක ප්‍රීතියක්. කාලයක් තිස්සේ තමන්ගේ හිතේ තිබුණු දෙයක් කිරීමට අවස්ථාවක් ලැබීමේ සතුටක් මංගලගේ හිතේත් තිබුණා.

”තමන්ගේ හිතේ තිබුණ විදිහටම සියල්ල විසඳීම ගැන රනිල්ගේ හිතේ තිබුණේ සැනසුම් දායක ප්‍රීතියක්. කාලයක් තිස්සේ තමන්ගේ හිතේ තිබුණු දෙයක් කිරීමට අවස්ථාවක් ලැබීමේ සතුටක් මංගලගේ හිතේත් තිබුණා. ”

සාකච්ඡාව අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන රනිල් හා මංගල අතිශයෙන් වැදගත් තීන්දු තීරණ කීපයක් අරගෙන තිබුණා.

පහුවැනිදා එනම් සඳුදා අකිල මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දුන්නේ ඉන් එකක් විතරයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙනවා කියන එක.

නායකත්වය භාර ගන්න සූදානම් කවුද ??

10 වැනිදා අකිල මේ ටික මාධ්‍යයට කියන්න කලින් රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා තමන්ගේ තීරණේ දැනුම් දුන්නා. තමන්ගෙන් පස්සේ නායකත්වය භාර ගන්න සූදානම් කවුද කියලා ඇහුවා. වජිර අත ඉස්සුවා, එතකොට දයාත් අත ඉස්සුවා, රවිත් සටනට එන බව කිව්වා, එහෙමනම් මටත් ඕන කියලා අකිලත් කිව්වා. නවීන් සද්ද නැතුව හිටියා. එතකොට රවි අර්ජුනටත් රුවන්ටත් නායකත්ව සටනට එන ලෙස ආරාධනා කළා.

ඔක්කෝම නායකයෝ වෙන්න දඟලන නිසා හැමෝගෙම එකඟතාවෙන් එක්කෙනෙක් තෝරා ගන්නා ලෙස රනිල් හැමෝටම කිව්වා. ඒ කෙනාට නායකත්වය දීලා තමන් එළියට බහින්න සූදානම් කියලා කිව්වා. නායකයා තෝරාගන්න රනිල් කට්ටියට දවස් දෙකක් දුන්නා. බදාදා හමුවෙලා අවසන් එකඟතාව ක්‍රියාත්මක කරමු කියලාත් කිව්වා. ඉරිදා මංගලත් එකක් කතා කරගත්ත විදිහටම සඳුදා රනිල් ඒ වැඩේ කළා.

”රනිල් නායකත්වයෙන් ඉවත් වෙනවා කිව්වේ ප්‍රතිඵල එනකොටමයි”

රනිල් නායකත්වයෙන් ඉවත් වෙනවා කිව්වේ මැතිවරණ ප්‍රතිඵල එනකොටමයි. මැතිවරණයේදී එජාපය ලබපු දරුණු පරාජය හමුවේ 7 වැනිදා උදේ රනිල් සිරිකොත පක්ෂ කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හමුවුණා. මෙතැනදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත් රනිල් නායකත්වයෙන් ඉවත් වී වෙනත් කෙනෙකුට නායකත්වය භාර දිය යුතු බවත් මෙහිදී යෝජනා වුණා.

ඒ වගේම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වෙලා තියෙන එකම මන්ත්‍රී ආසනය ලබාදීම ගැනත් මෙහිදී සාකච්ඡා වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන කීප දෙනකුම බලාපොරොත්තු තියාගෙන හිටියත් කොළඹින් තරග කළ ප්‍රබලයන් දෙදෙනෙක් එය තමන්ට ලබා දෙන ලෙස රනිල්ට දරුණු ලෙස බලපෑම් කරමින් හිටියා.

පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්තියට අනුව පරාජිත අපේක්ෂකයන් කිසිවකුට ජාතික ලැයිස්තුව ලබා දිය නොහැකි බව මෙහිදී රනිල් කිව්වා. ඒ වගේම පක්ෂ නායකත්වයටද කීප දෙනකුම බලා සිටින නිසා සියලු දෙනා සාකච්ඡා කර එක් අයකු නායකත්වයට යෝජනා කරන ලෙසද මෙහිදී රනිල් කිව්වා.

”පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්තියට අනුව පරාජිත අපේක්ෂකයන් කිසිවකුට ජාතික ලැයිස්තුව ලබා දිය නොහැකි බව මෙහිදී රනිල් කිව්වා. ඒ වගේම පක්ෂ නායකත්වයටද කීප දෙනකුම බලා සිටින නිසා සියලු දෙනා සාකච්ඡා කර එක් අයකු නායකත්වයට යෝජනා කරන ලෙසද මෙහිදී රනිල් කිව්වා.”

‘‘ඊට පස්සේ රනිල් වජිරට කතා කළා. වජිර මේ යක්කු ඔක්කොම නායකයා වෙන්න දඟලනවා. ඒ වගේම ජාතික ලැයිස්තුවටත් පොර කනවා. ඔයා කියන්න ඔයාට පක්ෂ නායකත්වය ඕන කියලා. ඒ වගේම ජාතික ලැයිස්තුවත් ඉල්ලන්න’’ රනිල්ගේ අතිශය හිතෛෂියෙක් අපිට කිව්වා.

‘‘රනිල්ගේ උපක්‍රමය වුණේ වජිරවත් නායකත්ව සටනට දාලා නායකත්ව අර්බුදය තව තවත් උත්සන්න කරන එක. ඊට පස්සේ කිසිවකුටවත් එකඟතාවකට පැමිණීමට නොහැකි තැනට වැඩ සලසලා ‘‘තමුසෙලාට එකඟතාවකට එන්න බැරි වුණානේ ඒ නිසා ඉතුරු කාලෙත් මම ම ඉන්නවා’’ කියලා 2023 වනතෙක්ම නායකත්වයේ ඉන්න.

එහෙම නැත්නම් නායකත්වය කාටහරි දීලා ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි හිටිය විදිහට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා විදිහට ඉන්න. කොහේවත් හිටිය වජිර අබේවර්ධන හිටි හැටියේ පක්ෂ නායකත්වයට තරග කිරීමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඉල්ලීමත් සිදු වන්නේ රනිල්ගේ එකී උපක්‍රමයට අනුව.’’

එහෙම බලාපොරොත්තුවක් තිබුණා කියන රනිල්, නායකත්වයට පොරකන සියලු දෙනාට එක්කෙනෙක් තෝරා ගෙන එන්න කියලා කල් දීපූ රනිල් ගිය ඉරිදා මංගල මුණ ගැසුණේ තමන්ගේ අනුප්‍රප්තිකයා පිළිබඳ පැහැදිලි තීන්දුවක් අරගෙන. ඒ තමයි කරු ජයසූරිය.

”රනිල් ගේ අනුප්‍රප්තිකයා තමයි කරු …”

රනිල්ගෙන් පස්සේ රනිල් එක්සත් ජාතික පක්ෂ භාර දෙන්න යන්නේ කරු ට. රනිල් මංගලට කිව්වේ එහෙමයි. මේ තීන්දුවත් එක්ක රනිල් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නවා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ සිංහල බෞද්ධ පදනම යළිත් එජාපය තුළට ගෙන ඒම.

දෙක තමයි දවසින් දවස පැටව් ගහන ඔටුන්න හිමි කුමාරවරුන් වැදුම් ගෙයිම කම්බස් කිරීම. රනිල්ගේ දෙවැනි උපක්‍රමේ මේ වන විටත් සීයයට සීයයක් සාර්ථකයි. මාධ්‍ය හමුව ඉවරවුණු ගමන් එජාපේ කිරුළට පොර කන කුමාරවරු කරු බැහැ දකින්න ගියේත් නවීන් සද්දේ වහලා ඉන්නේත් ඒ නිසාලු.

දැන් රනිල්ට ඕන පක්ෂ මහ ලේකම්කමත් වෙනස් කරන්න….

”සෙනසුරාදා අකිලට යන්න කියපු රනිල් ඉරිදා මංගලට එන්න කිව්වා.
රනිල් මංගලට එන්න කිව්වේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්කම භාර දෙන්න. රනිල්ගේ ඉල්ලීමට මංගල එකඟ වුණේ දැඩි කොන්දේසි සහිතව.
මංගල මහලේකම් ධුරය භාරගන්නේ අන්තර්කාලීනව.’

දැන් රනිල්ට ඕන පක්ෂ මහ ලේකම්කමත් වෙනස් කරන්න. අකිලව අයින් කරලා සාගලට ලේකම්කම දෙන්න කලෙක ඉඳලා රනිල්ගේ හිතේ තිබුණාලු.

රනිල් මංගලට එන්න කිව්වේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්කම භාර දෙන්න. රනිල්ගේ ඉල්ලීමට මංගල එකඟ වුණේ දැඩි කොන්දේසි සහිතව. මංගල මහලේකම් ධුරය භාරගන්නේ අන්තර්කාලීනව. දැනට මහලේකම් ධුරයේ තියෙනවාට වඩා බලතල විශාල සංඛ්‍යාවකුත් මංගල ඉල්ලුවා.

ඒ අතර විශේෂිතම එක තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට නියෝජිතයන් පත් කිරීමට පක්ෂ නායකයාට තියෙන බලයට සමාන බලයක් පක්ෂ මහලේකම්ටත් ලබා දීම. ඒ අනුව දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලයට නායකයා විසින් පත් කරන නියෝජිතයන් 22න් 11ක් පත් කිරීමේ බලය පක්ෂ මහ ලේකම්ට පැවරෙනවා.

මේ සියලු දේ මේ විදිහට වෙනවා නම් අවුරුදු 2ක් යනකොට තමන් රටටම පේන්න වැඩ පෙන්වන බවත් මංගල රනිල්ට කිව්වා. රනිල් මංගලගේ සියලු කොන්දේසිවලට එකඟ වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරු ජයසූරිය පත් කරන්නත් මහලේකම් ධුරයට මංගල සමරවීර පත් කරන්නටත් සිකුරාදා මාධ්‍යම කාරක සභාව රැස්කර මේ ගැන දැනුම් දීමටත් ඉරිදා රාත්‍රියේ රනිල් හා මංගල තීන්දු කළා.

සිකුරාදා එජාප මධ්‍යම කාරක සභාව මේ ගැන කුමන ප්‍රතිචාරයක් දැක් වූවත් මංගල මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා යැයි ප්‍රසිද්ධ කළ වෙලේ මංගල හතරවරම් ගහලා අන්තිමට එජාපයටම එන බව අපි මීට කලින් මේ කොලමෙන් ම කිව්ව බව නම් මෙතැනදී මතක් කරන්න ඕන.

අරුණ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook