Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇත්තටම ඒ ලැබෙන ප්‍රතිචාර මට හිතාගන්න බෑ
මගේ සැමියා ප්‍රංශයේ විශ්වවිද්‍යාලයක සංගීත ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා
භාතිය, සන්තුෂ් මගේම අයියලා දෙන්නෙක් වගේ.


උමාරියා හැමෝම නටවන වැඩක් එළියට ගෙනත්?

ඔව්. “මන්ද පමා” කියන්නේ මගේ අලුත් ගීතය. මේ ගීතය ලිව්වේ මනුරංග විජේසූරිය. ගීතයේ සංගීත නිර්මාණය කළේ මගේ සැමියා දිමිත්‍රි. හසින්ත පතිරණ තමයි ගීතයේ වීඩියෝව කළේ. මේ හැමෝම එක්ක එකතු වෙලා මගේ රසිකයන්ට ලස්සන ගීතයක් ගේන්න පුළුවන් වුණා. 

මේ වගේ නැටවෙන ගීතයක් කරන්න හිතුවේ?

මාව දන්න අය දන්නවා මට සාමාන්‍යයෙන් වේදිකාවක ඉදිරිපත් කිරීම් කරද්දී එක තැන ඉඳගෙන ඉදිරිපත් කිරීම් කරන්න අමාරුයි. ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න තරම් ගීත මගේ ළඟ අඩුයි. මීට කලින් 'රැඟුමේ' වගේ ඩාන්ස් කරන්න ගීතයක් කරලා තිබ්බට මට ඉදිරිපත් කිරීම් පැත්තෙන් උපරිමය කරන්න පුළුවන් ගීතයක් කරන්න ඕනෙ කියලා හිතුවා. ඒකත් එක්ක තමයි 'මන්ද පමා ගීතය' කළේ. 

ගීතය කරලා කාලයක් වෙනවද?

මේ ගීතයේ කතාව හදලා දැන් මාස හතක් විතර වෙනවා. මම සාමාන්‍යයෙන් නිර්මාණයක් කරද්දී ඒකට ඕනවටත් වඩා අවධානයක් යොමු කරනවා. මොකද මට මම කරන දේ උපරිම හොඳට කරන්න අවශ්‍ය නිසා. ඉතිං කාලයක් අරගෙන තමයි අපි මේ ගීතය කළෙත්. 

මනුරංග තමයි 'මන්ද පමා' ගීතය ලියලා තියෙන්නේ. මනුව මේ වැඩේට සම්බන්ධ කරගන්න හිතුවේ?

මේ ගීතය රචනා කරන්න හරියනම කෙනා මනුරංග කියලා මට හිතුණා. මගේ සැමියා නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවක අපි ඔහුව හම්බවෙන්න ගියා. මනු කියන්නේ "ඔන් ද ස්පොට්" ගීත ලියන කෙනෙක්නේ. ඉතිං ඔහුට මම කිව්වා ෆන් ගීතයක් මට ඕනේ කියලා. මනු මට ඒ වෙලාවෙම ගීතය ලියලා දුන්නා. 

'මන්ද පමා' ගීතයට නම් පමාවක් නැතිවම ප්‍රතිචාර ලැබුණා නේද?

ඇත්තටම ඒ ලැබෙන ප්‍රතිචාර මට හිතාගන්න බෑ. ගීතය එළියට දැම්මත් එක්ක රසික, රසිකාවියන් පෙන්නපු ආදරය ගැන ඇත්තටම සතුටුයි. මේ ගීතයේ වීඩියෝව හාත්පසින්ම වෙනස් සංකල්පයක් අනුව තමයි කළේ. අපි ඒ කළ දෙය ප්‍රේක්ෂකයෝ ඇගයුව එක ගැන සතුටුයි. මම ලාංකේය සංගීතය ලෝකයට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයට ළං වෙන්න මේ ගීතය හොඳ පියවරක් කියලා හිතනවා. 

උමාරියා විවිධ ශෛලීන්වල ගීත කරන කෙනෙක්. ඔබේ ගීත ශෛලීන්වලින් රසිකයන් වැලඳගෙන තියෙන්නේ මොන වගේ ගීතද?

මගේ හැම ශෛලියකම ගීතවලට රසික, රසිකාවියන් කැමැතියි. මෑත කාලයේ කරපු ගීතවලින් මන්ද පමා ගීතයට පුදුම විදියේ ප්‍රතිචාර ලැබුණා. ටික්ටොක් වීඩියෝ ඒ ගීතයට ගොඩක් අය කරන්න ගත්තා. මම මගේ රසිකයන්ව අගයනවා. ඔවුනුත් මට ඒ වටිනාකම, අගය දෙනවා. මම මගේ කැමැත්ත එක්ක හැම වෙලාවෙම රසික, රසිකාවියන්ට හොඳ නිර්මාණයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. 

කොරෝනා කාලෙත් උමාරියාටයි, සැමියා දිමිත්‍රිටයි දෙරටකට වෙලා නේද ඉන්න වුණේ?

මගේ සැමියා ලොක්ඩවුන් එකට සතියකට කලින් ලංකාවට එන්න හිටියේ. හැබැයි තිබ්බ තත්ත්වය එක්ක එයාට ලංකාවට එන්න බැරි වුණා. මම මාස පහකට කලින් තමයි එයාව දැක්කේ. තාමත් එයා එන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙන දේවල් එක්ක එන්න අපහසුවක් තියෙනවා. 

වැඩවලට හොඳ සහයෝගයක් දෙන සැමියකුත් උමාරියාට මුණගැහිලා ඉන්නවා නේද?

මගේ සැමියා ප්‍රංශයේ විශ්වවිද්‍යාලයක සංගීත ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. එයාට මට වඩා සංගීතය ගැන ලොකු දැනුමක් තියෙනවා. එයාගෙන් මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි දෙන්නම එකම තලයක ඉන්න නිසා වැඩ කරන්න හරි පහසුයි. එයා එහේ වුණත් මම මෙහෙ වුණත් අපි ස්කයිප් මාර්ගයෙන් කරන්නෙම අලුත් අලුත් නිර්මාණ කරන එක. මම විවිධ ශෛලීන් අත්හදා බලන්න කැමැතියි. මගේ සැමියත් එහෙමයි. අලුත් දෙයක් කරන්න අපි උත්සාහ කරනවා. අපි දෙන්නට ඒ නිසා වැඩ කරන්න පහසුයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික ජීවිතයට කෙනෙක්ව ගළපා ගත්තට පෞද්ගලික ජීවිතයටයි, වෘත්තීයමය ජීවිතයටයි දෙකටම ගැළපෙන කෙනෙක් මුණගැසෙන්නේ කලාතුරකින්නේ. උමාරියාට නම් ඒ ගැළපීම උපරිමම තිබෙනවා?

ඇත්තටම මම හරිම වාසනාවන්තයි කියලා හිතනවා. මට මගේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීයමය ජීවිතයටත් හොඳටම ගැළපෙන කෙනෙක් ලැබිලා ඉන්නවා. ඒ නිසා මේ දෙකෙන් එක අංශයක්වත් වරද්ද ගන්නේ නැතිව හැම දේම සමබරව පවත්වාගෙන යන්න මට පුළුවන් වෙනවා. 

කොරෝනා නිසා ලොක්ඩවුන් වුණු කාලේ බොහෝ දෙනෙක්ට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණත් උමාරියාට නම් කලා ශිල්පිනියක් විදියට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණේ නෑ නේද?

ඇත්තටම මම විවිධ වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. අපේ ජනතාව වෙනුවෙන් ගී ගයන්න එකතු වුණා. ලාංකික කලාකාරිනියක් හැටියට මට ඒ දේවල්වලට එකතු වෙන්න හැකියාව ලැබුණා. කොරෝනා වයිරසය පැතිරෙද්දී ඒ වගේ මිනිසුන් අතරට ගිහින් ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න බය නැද්ද කියලා බොහෝ දෙනා මගෙන් ඇහුවා. අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අංශ කළ සේවය නිසා මට ඇත්තටම බයක් දැනුණේ නැහැ. මම හරිම ආසාවෙන්, කැමැත්තෙන් තමයි ඒ දේවල්වලට සම්බන්ධ වුණේ. 

උමාරාත් පසුගිය කාලේ ගීතයක් එළියට ගෙනාවා. අක්කත් එක්ක එකතු වෙලා ගීතයක් කරන්න අදහසක් නැද්ද?

ඉදිරියේදී අපේ ගොඩක් සැලසුම් තියෙනවා. ඒ අතරේ අක්කගෙයි මගෙයි ගීතයකුත් එන්න තියෙනවා. ඉදිරියේදී මගේ ගීත කිහිපයක්ම එන්න තියෙනවා. මේ අවුරුද්ද පුරාම මගෙන් අලුත් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

කලාකරුවන්ට හරි අමාරුයි තමන්ගේ වෘත්තීයමය ජීවිතයට විතරක් රසිකයන්ගේ අවධානය තියා ගන්න. රසිකයෝ කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතයටත් වැඩිපුර අවධානය දෙනවා. උමාරියා නම් පෞද්ගලික ජීවිතය මාකට් කරලා ගොසිප් ගොදුරක් වෙන්න උත්සාහ කරන්නේ නෑ නේද?

අපි කලාකරුවෝ විධියට විවිධ දේවල් අත්හදා බලන්න ඕනේ. එක දෙයකට කොටු වෙන්න හොඳ නැහැ. නිර්මාණයි අපේ ජීවිතයයි කියන්නේ දෙකක්. අපේ පෞද්ගලික ජීවිතයයි කලාව අතරෙයි කිසි සම්බන්ධයක් නැහැ. මම සාමාන්‍යයෙන් වැඩක් නැත්නම් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න කැමැති කෙනෙක්. අපි දැන් සමාජ මාධ්‍යයට බර ලෝකයක ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ වගේ ගොදුරක් නොවී පෞද්ගලික ජීවිතය පෞද්ගලික විදියට තියා ගන්න මම හරි කැමැතියි. ඒක ඕනම කලාකරුවෙක්ට හරි වැදගත්. අපි සමාජ මාධ්‍යවලින් වුණත් එළියට දාන්න ඕනේ මොනවද කියලා දැනගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පවුල එක්ක එකට ඉන්න කැමැතියි. ඉතිං මම මගේ පෞද්ගලික ජීවිතයයි, වෘත්තීයමය ජීවිතයයි පටලා ගන්නේ නැහැ. ඒක තමයි හේතුව.

උමාරියා භාතිය, සන්තුෂ් එක්ක තියෙන ඇයි හොඳයිය තවම නතර කරලා නැහැ නේද?

භාතිය, සන්තුෂ් මගේම අයියලා දෙන්නෙක් වගේ. මම එයාලා එක්ක වැඩ කරන එක නවත්තන එකක් නෑ. අපි කලා කටයුතු පැත්තෙන් වැඩ නොකොළත් විවිධ පුණ්‍ය කටයුතු කරනවා. අපේ වැඩ නවතියි කියලා හිතන්නේ නැහැ. අපිට ඉදිරියේදී ඇල්බම් වගයකට වීඩියෝ කිහිපයක් කරන්නත් තියෙනවා. භාතිය, සන්තුෂ් එක්ක ඉදිරියට වැඩ කිහිපයකින් එළියට එන්න ඉන්නවා. 

භාතිය සන්තුෂ් එක්ක උමාරියා සම්බන්ධ වුණු ඩ්‍රයිව් ඉන් කොන්සර්ට් එකටත් බොහෝ ප්‍රතිචාර ලැබුණා නේද?

ලොක්ඩවුන් එකට පස්සේ කළ ප්‍රසංගයක් නිසා වේදිකාවේ ඒ ඉදිරිපත් කිරීම් කරද්දී ලාංකිකයකු වීම ගැන පුදුම ආඩම්බරයක් මට දැනුණේ. ත්‍රිවිධ හමුදාව, රජය රට මේ තත්ත්වයට ගේන්න ගොඩක් මහන්සි වුණා. ඉතිං එදා ප්‍රසංගයේදී ලැබුණු ප්‍රතිචාර එක්ක ඒ ආඩම්බර හැඟීම තවත් වැඩි වුණා. මීගමුව, නුවර වගේ තැන්වලත් අපි මේ ප්‍රසංගය කරනවා. 

විවාහයෙන් පස්සේ බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි දැන්ම මවක් වෙන්නේ නැද්ද කියන එක. ඒ ප්‍රශ්නය උමාරියාගෙනුත් ඇහුවොත්?

අපි විවාහ වෙලා දැන් අවුරුදු දෙකක්. ඒ අවුරුදු දෙකෙනුත් මාස පහක් අපි වෙන්වෙලා රටවල් දෙකක ඉන්නේ මේ කොරෝනා තත්ත්වය නිසා. කාලය හරි කියලා හිතන වෙලාවට ඒ පැත්තෙනුත් අපි තීරණයක් ගනියි. 

මොනවද ඉදිරියේ සැලසුම් සහගත වැඩ කටයුතු?

මම සාමාන්‍යයෙන් වැඩ කරලා පෙන්වන්න කැමැති කෙනෙක්. එන අවුරුද්ද ලොකු අවුරුද්දක් වෙයි මම සැලසුම් කරගත්ත වැඩ එක්ක. ඒ වගේම මම ගායිකාවක් වශයෙන් කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. මම කාන්තාවන්ට උදාහරණයක් වෙන්න කැමැතියි. අද බොහෝ තරුණ අය විශාදය නිසා සියදිවි නසා ගන්නවා. ඉතිං මම තරුණ, තරුණියන්ට එයාලගේ තියෙන ප්‍රශ්න අහන්න one promise කියලා වැඩක් පටන් ගත්තා. විශාදය තියෙන කෙනෙක්ට කතා කරන තරමට එයාගේ මනස නිදහස් කර ගන්න පුළුවන්. අපිට කටහඬක් තියෙනවා එයාලගේ හිත්වලට කතා කරන්න. ඉතිං මම එයාලා වෙනුවෙන් යමක් කරන්න කැප වෙනවා. 




තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook