Featured News

Video Gossip

Advertisement



තව දින කිහිපයකින් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය සභාපතිකම පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය බහුතරය සහ අවශ්‍ය නිතී මේ වන විටත් සම්පාදනය වි තිබෙනවා මාවනැල්ල ජනතාවට එය සුභ ආරච්යක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙවර පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ වැඩි ජන්ද ප‍්‍රමාණයක් ලබා ගත් එම පක්ෂයේ කණ්ඩායම් නායක කනක හේරත් මහතා හෙම්මාතගමදි පැවසිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසිය.

ඒ වාගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය විජයග‍්‍රහණය කරන්නට අපි වටා එකතු වුනු සියලූ දෙනාට මම සුභ පතනවා. එමෙන්ම මාවනැල්ල ආසනය ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගෙන වැඩි ජන්ද 15000 කට වඩා වැඩි ජන්ද ප‍්‍රමාණයකින් අපි ජය ගත්තා.

බොහෝ දෙනෙකු හිතුවේ එජාපය සමගි ජන බලවේගයට යට වි තිබු මෙම බලකොටුව කිසි දිනක වෙනත් පක්ෂයකට ජය ගන්න බැරි වෙයි කියලා අද වෙන කොට ඒ මතය පරාජයට පත් කරමින් ඒ දුරු මත පරදවමින් අපි ජය ගෙන තියෙනවා ලංකාවේ තුනෙන් දෙකේ බහුතරය අපි ලබා ගෙන තිබෙනවා. ඒ නිසා ස්භාගයේ දැක්ම අපිට ක‍්‍රියාත්මක කිරිම පහසුවක් වි තිබෙනවා.

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව සියලු දෙනාම මේ විජයග‍්‍රහණය වෙනුවෙන් පෙළ ගැසුනා. අපි ඉදිරියටත් පොදුජන පෙරමුණ ලෙස කණ්ඩායමක් වශයෙන් මේ ප‍්‍රදේශ ඒ වාගේම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට සේවය කරන්න බැදි සිටිනවා. ඒ වාගේම මාවනැල්ලේ තිබෙන අඩුපාඩු සියල්ලම අපිට හැකි පමණින් මේ අවුරුදු කිහිපයේදි අපි සකස් කරලා ජනතාවට දකින්න පුළුවන් විශ්වාසයක් රජය කෙරෙහි ඇති වෙන සංවර්ධනයකට අපි මුල පුරනවා යැයිද පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements