Advertisement



තව දින කිහිපයකින් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය සභාපතිකම පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය බහුතරය සහ අවශ්‍ය නිතී මේ වන විටත් සම්පාදනය වි තිබෙනවා මාවනැල්ල ජනතාවට එය සුභ ආරච්යක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙවර පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ වැඩි ජන්ද ප‍්‍රමාණයක් ලබා ගත් එම පක්ෂයේ කණ්ඩායම් නායක කනක හේරත් මහතා හෙම්මාතගමදි පැවසිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසිය.
පාස්කු දින ප්‍රහාරයට කලින් සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වූ මාවනැල්ලේ දනාගම පදිංචි 37 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් මේ වනවිට සුව අතට පත් වෙමින් සිටින අතර ඔහුගේ අලුත්ම තත්ත්වය සොයා බැලීමට ඔහුගේ නිවෙසට අපි පසුගියදා ගොඩවීමු.

ආගමික මතවාදයක් මුල් කරගනිමින් ඉස්ලාමීය ජනතාව අතරින් බිහි වූ අන්තවාදීන් මුලින්ම කළේ මාවනැල්ල අවට බුදුපිළිමවලට හානි කිරීමයි. එහිදී ජාතීන් අතර ඇතිවීමට ගිය අසමඟිය මැඬපවත්වන්නටත් මේ ගැටලුවේ වැරදිකරුවන් කවුද යන්න සොයා ගෙන ඊට සම්බන්ධ බොහෝ පිරිසක් ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගන්නටත් තස්ලීම් මහා විශාල කැප කිරීමක් කරන ලද මුස්ලිම් සමාජයෙන් පෙරට පැමිණි පළමු වීරයා ලෙස හැඳින්වීම වරදක් නොවේ.


මාවනැල්ල නගරයේ හෙම්මාතගම පාරේ වීනස් ශාලාව අසළ පිහිටි භූමිතෙල් පිරවුම්හලක ජාවාරමක් සිදුවන බවට පොලිසියට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව සිදු කළ සෝදිසියකදී අදාළ භූමිතෙල් ජාවාරම හෙළි කරගෙන තිබේ.

ප්‍රභල ‌දේශපාලත්ඥයකුගේ  බාප්පාට අයත් යැයි පැවසෙන මෙම භූමිතෙල් පිරවුම්හලෙන් වැලි ප්‍රවාහනය සිදු කරණ ටිපර් රථවලට සහ මගි ප්‍රවාහන බස්රථවලට භූමිතෙල් සපයන බවට එහිදී අනාවරණය වී ඇත.

එසේ බූමිතෙල් ලබාගන්නා ලද ටිපර් රථයක්ද සහ එහි රියදුරාද මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ කාර්යාලය පිහිටා ඇත්තේද මෙම භූමිතෙල් පිරවුම්හලට ඉතා ආසන්නයේ බව පැවසේ.

භූමිතෙල් යොදා රථවාහන ධාවනය නීතියෙන් තහනම් වන අතර මෙවැනි භූමිතෙල් පිරවුම්හලක් පවත්වාගෙන යාමට අවසර ලබාදෙන්නේ මහා පරිමානයෙන බෙදාහැරීමට නොව අඩුආදායම් ලාභි පවුල් සඳහා අලෙව් කිරීමට බවද පැවසේ.

මෙවැනි පිරවුම්වලකින් මහා පරිමානයෙන් භූමිතෙල් අලෙවි කිරිමද තහනම් වේ.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements