Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇත.

එසේ වුව ද හිටපු ජනාධිපතිවරයා මහනුවර දී පැවති නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයට ඊයේ දිනයේ සහභාගී විය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනා වී තිබුණේ පරිසර ඇමතිකම වන අතර එය මේ වන විට මහින්ද අමරවීර මහතා වෙත ලබා දී ඇත.

නිමල් සිරිපාල සිල්වා මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් කැබිනට් අමාත්‍යධූරය ලෙස කම්කරු ඇමැති ධුරයේ හිමිවී තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ රාජ්‍ය ඇමති ධුරයන් දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයට හිමිව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements