Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු මිස අන්තර්කාලීන නායකයෙකු නොවන බව

එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (12) සිය නිවසේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක දී ඔහු එබව සඳහන් කර ඇත. එම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග ද සහභාගී වී ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ පක්ෂයේ අන්තර්කාලීන නායකයා ලෙස හිටපු කථානායක කරු ජයසූරිය පත්කළ යුතු බවයි. එහෙත්, එම යෝජනාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකග වී නොමැති බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.


කරු ජයසුරිය නායකත්වයට තරඟ කරන්නේ නම් තම ද තරඟයට ඉදිරිපත්වන බව වජිර අබේවර්ධන එහිදී අවධාරණය කර තිබේ.

වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ නම් ඔහුට සහය ලබාදී එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මෙහිදී අවධාරණය කර ඇතැයි 'නෙත් නිව්ස්' වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, නායකත්වයට ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි රනිල් වික්‍රමසිංහ විසින් මිට දින කිහිපයකට පෙර දී වජිර අබේවර්ධනට හා රවී කරුනානයකට දැනුම් දී තිබු බවයි.

හතර අට වෙයි – ජෝන්, සාගල හැර අන් සියල්ලන්ම නායකත්වය ඉල්ලයි

මේ අතර එජාප නායකත්වය සඳහා ජෝන් අමරතුංග, සාගල රත්නායක යන මහත්වරුන් හැර අන් ජේෂ්ඨයන් එම පක්ෂයේ නායකත්වය ඉල්ලීමට පටන් ගෙන තිබේ.

ප්‍රථමයෙන් 4 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වූ අතර දැන් එම සංඛ්‍යාව 08 දක්වා වැඩි වී ඇත.

උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවින් දිසානායක, භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර හා 2015 දී පක්ෂයට එක් වූ අර්ජුන රණතුංග යන මහත්වරුන් ඒ අතර වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සිරිකොතේ ද විශේෂ රැස්වීමක් කැඳවා තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements