Advertisement

මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වනවා.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතයි. තවද පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන ඉදිරිපත් වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

අවශ්‍ය වුවහොත් පමණක් ඡන්ද විමසීමක් පැවැත්වීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇති අතර පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වනවා..

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කෙරෙනු ඇති. නියෝජ්‍ය නායකත්වයට පත් වන පුද්ගලයා ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements