Advertisement

නීතියට වඩා තමන් ජනතාව වැදගත් ලෙස සලකන බවත් එනිසා සැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළා.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම හෙලි පෙහෙළි කිරීම සිදුවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැඟවී සිටින්නේ යැයි ගෙන යන ප්‍රචාර අසත්‍ය යයිද ඔහු කියා සිටියා.
පොලිසියට අවශ්‍ය නම් ඕනෑම මොහොතක තම සහෝදරයා ඔහුගේ නිවසේ දී හමුවිය හැකි බව ද පැවසූ ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්නම් එසේ නොකිරීම පොලිසිය වරදක් මිස තමන්ගේ වරදක් නොවන බව පැවසුවා.

කෙසේ නමුත් මෙම සිදුවීම තමන්ගේ නම සම්බන්ධ කරගෙන සිදුකර චාරයන් සම්පූර්ණයෙන් අසත්‍යය බව ඔහු තව දුරටත් කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements