Advertisement

මහනුවර ප්‍රදේශයේ තට්ටු පහක ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක් වී තිබේ.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම ගොඩනැඟිල්ලේ සිර වූ පිරිස මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු එකහමාරක දරුවෙකු එහි සිරවි සිට බේරාගෙන ඇත.

මෙම පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි මාස එක හමාරක පමණ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මෙම බිලිදා බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මෙම මරණය සිදු වී ඇත.

පුද්ගලයින් පස් දෙනෙකු සහිතව මෙම ගොඩනැගිල්ලේ ගිලා බැසීමට ලක් වූ අතර හමුදාව ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරා ගැනීමට මෙහෙයුම් සිදු කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements