Featured News

Video Gossip

Advertisement

නයිජීරියානු ප්‍රාන්තයක ළමා දූෂකයන්ගේ වෘෂණ කෝෂ කපා ඉවත් කිරීමට හා මරණ දණ්ඩනය ලබා දීමේ නව නීතියක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, වයස අරුදු 14ට අඩු දරුවන් ලිංගික දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිමි පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබා දීමට පෙර ශල්‍යකර්මයක් කර වෘෂණ කෝෂ ඉවත් කිරීමට නයිජීරියාවේ, කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා නීති සම්පාදනය කර ඇත. 

වරදකරුවන් වන ගැහැණුන්ගේ පැලෝපීය නාල කපා ඉවත් කිරීමටත් ඒ අනුව කටයුතු කරනු ලැබේ. 

රට පුරා සිදුවන ලිංගික දූෂණවලට එරෙහිව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බොහෝ නයිජීරියානුවන් නව නීතියට යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් විචාරකයින් පවසන්නේ එය රටේ ව්‍යවස්ථාවට නොගැලපෙන නමුත් ජනතාවාදී පියවරක් බවය. එසේ ම, අඩු වශයෙන් දූෂණ වාර්තාවීමට එය හේතු වනු ඇතැයි ඔවුහු පුරෝකථනය කරති.

කඩුනා හි ආණ්ඩුකාර නසීර් එල්-රුෆායි කියා සිටියේ, බරපතළ අපරාධවලින් ළමයින් තවදුරටත් ආරක්ෂා කිරීමට මෙම නව පියවරයන් අවශ්‍ය බවය. 

කෙසේ වෙතත්, දූෂකයන්ට මරණ දඬුවම ලබා දෙන්නේ නම් ඔවුන්ගේ වෘෂණ කෝෂ හා පැලෝපීය නාල ඉවත් කරන්නේ ඇයිද යන්න එතරම් පැහැදිලි නැත.

වයස අවුරුදු 14ට වැඩි දරුවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීම ද නව නීතිය අනුව ක්‍රියාත්මක වේ. 

ළමා දූෂණයට මෙතරම් දරුණු දඬුවම් ලබා දුන් එක ම රජය වන්නේ බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාවේ කඩුනා ප්‍රාන්ත රජයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements