Featured News

Video Gossip

Advertisement

වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් බලපෑම එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මෑතකදී පැවති එම පක්‍ෂ නායක හමුවකදී නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නසීර් අහමඩ් විසින් මෙම තීරණය තදින්ම දැනුම්දී තිබේ.


කෙසේ නමුත් පක්ෂ නායක රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන බවද වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයත් එහි නායකත්වයත් දැඩිව විවේචනය කර ඇති අතර රවුෆ් හකීම් මහතා ද සමගි ජන බලවේගය ගැන අප්‍රසාදයයෙන් අදහස් පළ කර ඇත.

මේ අතර දෙමළ මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය දේශපාලන වශයෙන් එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements