Featured News

Video Gossip

Advertisement

සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන්  අඛණ්ඩ වෘතීය සමිති අරගලයක්

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට ඊයේ දිනයේදී විරෝධතා රැස්වීමක් සහ උද්ඝෝෂනයක් පවත්වනු ලැබුවා.ලංකා බැංකු සේවක සංගමය විසින් එය සංවිධානය කර තිබුනි.

ලංකා බැංකුවට බඳවා ගන්නා ලද ශ්‍රේණි කීපයක සේවකයින්ගේ පුහුණු කාලය වසර 3 ක් දක්වා දීර්ග කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය දීර්ඝ කාලයක සිට අරගලයක නිරත වී ඇත.පසුගිය ජූනි 26 වනදා මේ සම්බන්ධව ගරු අග්‍රමාත්‍යතුමා සමග සංගමයේ නිලධාරීන් කල සාකච්ඡාවකදී එතුමා විසින් රාජ්‍ය බැංකු වලට බඳවා ගන්නා සේවකයින්ගේ පුහුණු කාලය වසර 2 කට සීමා විය යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පිලිගනු ලැබ ඇත.ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් එම තීන්දුව දැනුම් දෙමින් ඊට අදාල කටයුතු සිදු කිරීමට ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ සඳහා සංගමයේ ස්තූතිය අගමැතිතුමා වෙත පල කර සිටින බවත් එහෙත් එම දැනුම් දීමෙන් පසුවද විවිධ හේතු පවසමින් බැංකුවේ සභාපතිවරයා විසින් මෙම ගැටලුව විසඳීම හිතුවක්කාරී අයුරින් ප්‍රමාද කරමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.අගමැතිතුමා විසින් එකඟ වී මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් ලිඛිතව දැනුම් දුන් උපදෙස් මේ අයුරින් කුණු කූඩයට දමා බලා සිටින සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් බැංකුව තුල අඛණ්ඩ වෘතීය සමිති අරගලයක් ආරම්භ කල බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.අනෙකුත් රාජ්‍ය බැංකු තුලද පුහුණු කාල සීමාවන් උපරිම වශයෙන් වසර 2කට සීමා කර ඇති තත්වයක් තුල ලංකා බැංකුව විසින් සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑමක් සිදුකරන බව සංගමය චෝදනා කරයි.

රජය විසින් හඳුන්වා දී ඇති ඉතා සාර්ථක ණය සහන වැඩපිලිවල ඇතුලු ආර්ථික සංවර්ධන වැඩ පිලිවල සේවක මණ්ඩලයේ කැපවීම මත ඉතා ඉහල මට්ටමකින් ලංකා බැංකුව තුල ක්‍රියාත්මක වන මොහොතක බැංකුවේ සේවක මණ්ඩලයේ 25% ක ගැටලුවක් විසඳීම සඳහා අගමැති තුමා විසින් දුන් උපදෙස් පවා ක්‍රියාත්මක නොකිරීමෙන් බැංකුව තුල ඇති වනු ලබන කාර්මික ආරවුල හේතුවෙන් රජයේ ආර්ථික සංවර්ධන වැඩපිලිවල අඩපණ වීමේ වගකීම බැංකුවේ සභාපතිවරයා බාර ගත යුතු බව සංගමයේ නිලධාරීන් පවසයි.

එමෙන්ම දින පහක් තුල කොලඹ නගරයේ පවත්වනු ලබන පිකට් උද්ඝෝෂනයෙන් අනතුරුව සංගමයේ විධායක සභාව කැඳවා ඉදිරි ක්‍රියාමර්ග තීන්දු කරනු ලබන බව ලංකා බැංකු සේවක සංගමය තවදුරටත් ප්‍රකාශ කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements