Advertisement

"ලංකා බැංකුවේ සභාපතිවරයා දූෂිතයි." 
ලංකා බැංකු සේවක සංගමය IMF නිලධාරීන් වෙත පැමිණිලි කරයි.

ලංකා බැංකුවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා හේතුවෙන් බැංකුව අවධානමට ලක්ව ඇති බවත් එම තත්වය වත්මන් ආර්ථික අර්බුධයට බෙහෙවින් බලපාන බවත් ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.එමෙන්ම සභාපතිවරයාගේ දූෂිත ක්‍රියා හේතුවෙන් අදවන විට බැංකුවේ ගණුදෙණුකරුවන්ද අපහසුතාවයට පත්වී ඇති අතර ඒ තුලින් බැංකුවේ කීර්තිනාමයටද බරපතල හානියක් සිදු වී ඇති බව එම සංගමය පවසයි.
මහ බැංකු අධිපතිගේ මාධ්‍ය සංදර්ශන පමණයි - රාජ්‍ය බැංකු දූෂනයෙන් පිරිලා

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 20% ක් සේවකයන් හා ගණුදෙනුකරුවන් වෙත නිකුත් කිරීමට අතුරු අයවැය යෝජනාව තුලින් සිදුකරනු ලැබු යෝජනාව සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකුව ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන මහතා කියා සිටියේ පසුගිය වසර දෙකහමාර තුල ලංකා බැංකුව තුල බැංකුවේ සභාපතිවරයා පසුගිය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දූෂිත ක්‍රියා විශාල වශයෙන් සිදුකල බවත් ඒවා තවදුරටත් ක්‍රියාත්මක වන බවත්‍ ය.එම දූෂිත ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගතයුතු බවත් ඒ සඳහා වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇති බවත් ඒ මහතා පැවසීය.
BOC සභාපති දූෂිත බවත් ඔහු ධූරයෙන් ඉවත් කරන  ලෙසත් බල කරමින් දිවයින පුරා බැංකු සේවකයෝ වීදි බසිති 

ලංකා බැංකුවේ වත්මන් සභාපති කාංචන රත්වත්තේ මහතා බැංකුව තුල මහජන මුදල් අවභාවිතා කරමින් දූෂිත ක්‍රියා සිදුකරමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.මෙම සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර බැංකුව තුල සිදුකර ඇති දූෂිත ක්‍රියා සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකරන ලෙස බලකරමින් දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගර වල දහවල් 12.30 සිට 1.30 දක්වා උද්ඝෝෂණ ව්‍යාපර දියත් කර ඇත.

මෙම උද්ඝෝෂණ සඳහා දිවයින පුරා බැංකු සේවකයින් විශල පිරිසක් සහභාගීවී ඇති අතර ලබන 26 සිකුරාදා දිනයේදී කොළඹ ලේක් හවුස් වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ලංකා බැංකු සේවක සංගමය පවසයි.
ලංකා බැංකුවේ සභාපති කාංචනගේ අවිධිමත් ගනුදෙනු පිළිබබඳ 
පරීක්ෂණ ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයේ විරෝධතා

පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදුකරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිඹඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය බලපෑම් කරයි.

1. මහජන මුදල් අවභාවිතාකරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රු.මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු කිරීම

2.හිටපු මහාකලමණාකරුවකු වෙත මිලියන 50 ක් වටිනා ජිප් රථයක් රු.ලක්ෂ 6 කට හිමිකරගැනීමට සැලැස්වීම
සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන්  අඛණ්ඩ වෘතීය සමිති අරගලයක්

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට ඊයේ දිනයේදී විරෝධතා රැස්වීමක් සහ උද්ඝෝෂනයක් පවත්වනු ලැබුවා.ලංකා බැංකු සේවක සංගමය විසින් එය සංවිධානය කර තිබුනි.

ලංකා බැංකුවට බඳවා ගන්නා ලද ශ්‍රේණි කීපයක සේවකයින්ගේ පුහුණු කාලය වසර 3 ක් දක්වා දීර්ග කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය දීර්ඝ කාලයක සිට අරගලයක නිරත වී ඇත.පසුගිය ජූනි 26 වනදා මේ සම්බන්ධව ගරු අග්‍රමාත්‍යතුමා සමග සංගමයේ නිලධාරීන් කල සාකච්ඡාවකදී එතුමා විසින් රාජ්‍ය බැංකු වලට බඳවා ගන්නා සේවකයින්ගේ පුහුණු කාලය වසර 2 කට සීමා විය යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පිලිගනු ලැබ ඇත.ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් එම තීන්දුව දැනුම් දෙමින් ඊට අදාල කටයුතු සිදු කිරීමට ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
කලමණාකරු අත්තනෝමතික ක්‍රියා කලාපයක

අම්පාර දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ ප්‍රාදේශීය කලමණාකරුවකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව ලංකා බැංකුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලංකා බැංකු සේවක සංගමයේ සාමජිකයින්ගේ උද්ඝෝෂනයක් එම සංගමය විසින් අද (03)දින සංවිධානය කර තිබුනි.

කොරෝනා වසංගතය හමුවේ අඩාල වූ ජන ජීවිත වලට සහ ව්‍යාපාර ප්‍රජාවට සහන සැලසීම උදෙසා රජය විසින් ණය පොලී අනුපාත පහල දමමින් ඉතා සාර්ථක ණය යෝජනා ගණනාවක් හදුන්වා දී ඇති අතර රාජ්‍ය බැංකු ලෙස ඒවා ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් බැංකු නිලධාරින් හට පැවරේ.
ලංකා බැංකුවේ සියලුම ශාඛාවල අද දින( 6) සංකේත වර්ජනයක් පවත්වන බව ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ නිරාජ් පීටර් මහතා සඳහන් කරයි.
,xld nexl= fiajl jD;a;Sh iñ;s úisska ;u jegqma jeä lrk f,ig miq.shod úIh Ndr wud;Hjrhdf.ka b,a,Su ms,snoj wud;Hjrhdf.a wjOdkh fhduqù we;s nj jd¾;dfõ'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements