Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පසුගිය දිනට යෙදී තිබිණි. ඒ සඳහා මා හට ද ආරාධනා කලා යැයි පක්ෂ ලේකම් දයාසිරි, පාක්ෂිකයන් හට සහ මාධ්‍ය වෙත පවසා ඇති අතර, එය අමූලික අසත්‍යයකි. පසුගිය පක්ෂ සම්මේලන 3 ට ම මා හට කිසිඳු නිල ආරාධනයක් නොලැබුණු බව මා සහතිකව කියමි.

පක්ෂ සාමාජිකයන් තවදුරටත් මුලා කිරීමේ අරමුණින් මොවුන් ගොතන බොරු පිලිබඳව නුවණින් විමසා බැලීම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඔබගේ වගකීමකි. සම්මේලන සඳහා පමණක් නොව මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා ද මට වසර ගණනාවකින් කිසිඳු ආරාධනාවක් ලැබුණේ නැත.

එසේ ලැබුනේ නම්, මාගේ ආදරණීය පියා බිහිකල, මව රැකගත්, මා හැදී වැඩුණු, මා හට රටට නොමැකෙන සේවයන් කිරීමට මගපෑදූ පක්ෂය වෙනුවෙන් මා ඒ සඳහා සහභා⁣ගී නෙවේ යැයි ඔබ සිතනවා ද? එසේ නම් එම ආරාධනයන් මා බාරගන්නේ එකසිතිනි. ඉදිරියටත් එය එසේමය.

පක්ෂ සභාපති සහ ලේකම් නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යය මණ්ඩලයට පවා උපදෙස් ලබා දී ඇත්තේ සංවිධානය කරන කිසිඳු පක්ෂ රැස්වීමකට හෝ උත්සවයකට මා හට ආරාධනා නොකරන ලෙසටය.

ඒ සියල්ල දෙස මා බලා සිටිනුයේ අනුකම්පාවෙන් සහ උපේක්ෂාවෙනි. පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත.
– CBK

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements