Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අයියේ ඉදල අරන් යන්න ආවේ
ඔයාලගේ ගෙදරින් ගෙනා දීසියක් අපේ ගෙදර තියෙනවා ඒකත් අරගෙන යන්න

මිදුල අතුගාන්න ඉදලක් ගේන්න ඥාති නිවසට ගිය බාලවයස්කාර දැරිය දූෂණය කළ චූදිතට වසර 15ක සිරද`ඩුවමක් හා ලක්ෂ 10ක වන්දියක් ගෙවන්නැයි නියෝග.

දිනෙන් දින ලොව දස දෙසින් වාර්ථාවෙන කෙළවරක් නොමැති ළමා හිංසන හේතුවෙන් දරු පරපුර කවරදාකටත් වඩා අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබේ. 1998 අංක 50 දරණ ළමා ආරක්ෂක අධිකාරී පනත, 2005 දී සම්මත කරගත් අංක 34 දරණ ගෘහස්ථ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමේ පනත, එක්සත් ජාතීන්ගේ ළමා ප‍්‍රඥප්තිය. ළමුන්ගේ ආරක්ෂා වෙනුවෙන් මේ කුමන අණපනත් සම්මුතීන් තිබුණත් දිනපතා සිදුවෙන ළමා අපචාරවල නම් කිසිදු අඩුවක් නොමැතිය. දිනපතා සිදුවෙන ළමා හිංසන අතරින් ලිංගික හිංසන වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති අතර එයද වැඩි වශයෙන් දරුවන්ගේ සමීපතමයන් අතරින් සිදුවීම බරපතළම කාරණයක් බවට පත්ව තිබේ.

පසුගිය 24 වන දින හම්බන්තොට මහාධිකරණයෙන් අපට අසන්නට ලැබුණු මේ කතාවද එවැනි වූ සෝචනීය කතාවකි.

සූරියවැව මීගහජදුර බෝගහඉ`දිවැව පදිංචි ප‍්‍රියංකා හා පේමදාස කුලී වැඩ කරගෙන ජීවත් වන පවුලකි. දිනපතා වන අලින්ගෙන්ද බැට කමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙවූ මේ දෙදෙනාට හිටියේ දියණියකි. එම දියණියද අපස්මාරය (ෆිට් එක) නමැති රෝගයෙන් පීඩා වින්දේය. මේ හේතුව නිසාම පාසලේ 08 වසර දක්වා පාසල් ගිය මේ දැරිය පාසල් ගමනටද සමුදුන්නාය. දෙමාපියන්ද තමන්ට හැකි හැම අයුරකින්ම දරුවා සුවපත් කරගැනීම වෙනුවෙන් රෝහල් වෙත රැගෙන ගියේය. දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු දරුවා මාසිකව වෛද්‍ය සායන සදහා ඉදිරිපත් කරන ලෙස දෙමාපියන්ට උපදෙස් දී තිබුණි. මේ නිසාම මාසිකව ගමනක් දෙකක් දරුවා කරාපිටිය මහ රෝහලට මෙන්ම හම්බන්තොට මහ රෝහලටද ප‍්‍රතිකාර ස`දහා රැගෙන ගියාය.


පාසල් ගමනද නවතා දැමුණු චමුදි දියණිය දෙමාපියන්ටද උදව් උපකාර කරගෙන නිවසට වී සිටියාය. වැඩිවියට පත්ව සිටි මේ දියණිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දෙමාපියන්ද හැකි හැම උත්සාහයක්ම ගත්තද ඔවුන් හේනට පිටියට වැඩට ගියේ බොහෝ දිනවලදී මේ දැරිය නිවසේ නතර කර දමාය. හවසට මිදුල අතුගෑම නිවසේ සිටි චමුදිගේ පුරුද්දක් වී තිබුණි. චමුදිගේ නිවසට අල්ලපු ගෙදර සිටියේ සිය පියාගේ අක්කාය. චමුදිගේ ලොකු නැන්දාය. මේ නිසා චමුදිටද නිවසේ තනියම සිටීමට එතරම් බියක් නොවීය. නිතර නිතර ලොකු නැන්දාගේ ගෙදරට යෑම හා ලොකු නැන්දාගේ පුතා වන අජිත් අයියා සමග විහිළු තහළු කිරීම චමුදිට මහා අරුමයක් නොවීය. කිසිදු සැකයකට තුඩු දෙන දෙයක්ද නොවීය. අනික අජිත් අයියා විවාහ වී සිටි එක් දරු පියෙකුද වීය.

දිනක් මිදුල අතුගෑමට බලන විට සිය නිවසේ ඉදල නොතිබූ නිසා චමුදි ඉදල ඉල්ලාගෙන ඒමට ගියේ ලොකු නැන්දාගේ ගෙදරටය. ඒ වන විට වේලාව සවස 4.30 ට පමණය. කතා කළත් නිවසේ කිසිවකුගේත් සද්ධයක් නොවුණු නිසා චමුදි නිවස පිටුපසට ගියාය. ඒ යන විට නිවසේ සිටියේ අජිත් අයියා පමණි. අයියේ ඉදල අරන් යන්න ආවේ කියා චමුදි ඉදල ගැනීමට යද්දී අජිත් අයියා නංගි ඔයාලගේ ගෙදරින් ගෙනා දීසියක් අපේ ගෙදර තියෙනවා ඒකත් අරගෙන යන්නැයි චමුදිට පැවසීය. එහෙනම් ඒකත් දෙන්නකෝ අයියේ කියද්දී අජිත් පැවසුවේ අන්න නංගී ගේ මේසේ උඩ තියෙනවා ගන්න කියාය. දෙපාරක් නොසිතූ චමුදි දීසිය ගැනීමට නිවසට ගියාය.

රාගික හැගීම්වලින් මුසපත්වී සිටි අජිත් සිය ඥාති නැගණිය දෙස බැලූවේ කාමුක හැගීමෙනි. උන්හිටිතැන් පිළිබදව තියා සිය ඥාති බාලවයස්කාර නැගණිය පිළිබදවද කිසිදු තැකීමක් නොකළ අජිත් ඇයව බලහත්කාරයෙන්ම නිවස තුළදී දූෂණයට ලක් කරන්නේ මිනිස්කමටද නිගාදෙමිණි.

තමන් නොසිතූ මොහොතක මුහුණ දීමට සිදු වූ මේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව චමුදිද දෙමාපියන්ටද නොකියා සිටියේ මෙහි වූ බරපතළකම පිළිබදව ඇය තුළ තිබූ අනවබෝධය නිසාය. මෙලෙස දින, සති, මාස බවට පත්වෙද්දී චමුදිගේ රෝගී තත්ත්වය සදහා වූ සායනයට යෑමට දිනය වූයේ 2016.06.08 දිනය. මේ සදහා චමුදිත් ඇයගේ මවත් පියත් සමග උදෑසනින්ම සූරියවැවට ගොස් කරාපිටිය මහ රෝහලට ගියේය. චමුදී සායනය සදහා යන බොහෝ දිනවලදී මවත් පියත් මේ සදහා යෑම සාමාන්‍ය පුරුද්දක් වී තිබුණි. ඒ අන් හේතුවක් නිසා නොව අතරමගදී චමුදිට අපස්මාර රෝගය වැළ`දුනහොත් ඒ ස`දහා සහායට අයෙකු සිටිය යුතු නිසාය. සුපුරුදු පරිදි සායනයට රැගෙන ගිය චමුදි කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පරීක්ෂා කෙරුණු අතර චමුදිගේ අස්වාභාවික ලෙස සිරුරේ සිදුව තිබූ වෙනස්කම් කිහිපයක් කෙරෙහි වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමුවිය. වැඩිදුරටත් චමුදි පරීක්ෂා කෙරුණු වෛද්‍යවරු දෙමාපිය දෙදෙනාට පවසා ඇත්තේ සිය බාලවයස්කාර දියණිය ගැබ් ගෙන ඇති බවයි. ඒ ගැන ඇසූ චමුදිගේ දෙමාපිය දෙදෙනා රෝහල තුළදීම දෙයිහාමුදුරුවනේ මේ මොකද්ද වුණේ කියා ඔළුවේ අත්දෙක ගසා ගත්තේය.

දෙමාපිය දෙදෙනාට සිදුකළ යුතු කිසිවක් සිතාගත නොහැකි විය. වෛද්‍ය නිගමනය අනුව 2015.11.01ත් හා 2016.01.07 අතර කාලය තුළදී මේ සිදුවීම සිදුව ඇති බවටය. සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය මහ රෝහලේ වෛද්‍යවරු මේ පිළිබදව සූරියවැව පොලිස් ස්ථානයට දුරකථනයෙන් දැනුම් දීමටද පියවර ගැණුනු අතර දෙමාපිය දෙදෙනාටද දරුවා සමග සූරියවැව පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ගොනු කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව පොලිසියට පැමිණි චමුදිගෙන් වගේම දෙමාපිය දෙදෙනාගෙන්ද පොලිසිය කටඋත්තර සටහන් කරගත්තේය. එහිදී චමුදි තමන්ට අත්වි`දීමට සිදු වූ අමිහිරි දැද්දැකීම පිළිබ`දව පොලිසියට පැවසුවාය. තමන් ඉදලක් රැගෙන ඒමට ගිය අවස්ථාවේ අජිත් අයියා තමන්ව දූෂණය කළ බව චමුදි පොලිසියට පැවසුවාය.

ඒ අනුව සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර සැකකාර අජිත් සොයා බෝගහඉ`දිවැවට ගියද ඒ වන විට අජිත් නිවසේ නොසිටියේය. අජිත් ඒ වන විට වයස අවුරුදු 26 වන වියේ පසු වූ අතර විවාහක එක් දරු පියකුද වීය. සූරියවැව පොලිසියෙන් තමන් සොයා නිවසට පැමිණි බව දැනගත් අජිත් නිතීඥයකු මාර්ගයෙන් 2016.06.10 වන දින සූරියවැව පොලිසියට භාරවිය. පොලිසියට භාර වුණු අජිත්ගෙන් කටඋත්තර සටහන් කරගැනීමෙන් පසු සැකකාර අජිත් හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවැති මූලික නඩු විභාගයෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2019.08.08 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

ඒ අනුව පැවැති නඩු විභාගය අතරතුරදී සැකකරු හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජයකි ද අල්විස් මහත්මිය ඉදිරියේ 2020.08.24 දින විවෘත අධිකරණයේදී සිය වරද පිළිගැනීමකට ලක් කෙරුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාද අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු කෙරෙහිද අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරුවරිය සැකකාර අජිත් නැමැත්තාට ද`ඩුවම් නියම කෙරුණි.

ඒ අනුව අදාළ චෝදනාව සදහා වැරදිකරු වූ අජිත්ට වසර 15 ක සිර දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 20ක කාලයක් සදහා අත්හිටුවන ලදී. මීට අමතරව රුපියල් 2000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසරක බරවැඩ සහිත සිරදඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව වින්දිත දැරිය හා ඇයගේ දරුවා සදහා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 05ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කළාය. චූදිත තැනැත්තා විසින් ලබා දුන් වන්දි මුදලින් රුපියල් ලක්ෂ 07ක මුදලක් වින්දිත දැරියගේ දරුවාගේ නමින් ගිණුමක තැන්පත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය වින්දිත දැරියට නියෝග කළාය.

එමෙන්ම අධිකරණයේදී වින්දිත තැනැත්තිය විසින් 2017 අංක 27 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත ප‍්‍රකාරව ඉල්ලීමක් කරමින් සිය දරුවා අන්ධභාවයෙන් පෙළෙන බවත් දැඩි ආර්ථික දුෂ්කරතා ඇති නිසාත් දරුවාට වයස අවුරුදු 18ක් වන තෙක් දරුවා හදාගැනීම සදහා මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. එහිදී චූදිත තැනැත්තා විසින් ස්ව කැමැත්තෙන්ම වින්දිත දැරිය සදහා මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැමැත්ත පළ කළේය. එමෙන්ම දරුවාගේ වර්ධනය අනුව එම මුදල වැඩි කිරීමටත් හා දරුවාගේ උප්පැන්යට පියාගේ නම වෙනුවට චූදිතගේ නම ලබාදීමටද චූදිත අධිකරණයේදී කැමැත්ත පළකළේය.

මහාධිකරණ විනිසුරුවරිය චූදිත තැනැත්තාට නියම කළ රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලින් රුපියල් ලක්ෂ 08ක මුදලක් 2020.08.24 දින අධිකරණයේදී වින්දිත දැරියට ගෙවූ අතර ඉතිරි ලක්ෂ 02ක මුදල 2020.11.24 දින ගෙවන ලෙස චූදිතට නියෝග කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගෙවි`දු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.

මත්තල -
දිලීප් එන්. ජයසේකර
Divaina

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook