Featured News

Video Gossip

Advertisement

උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටම පිහිටි නීතිඥ කාර්යාල පරිශ‍්‍රයක් තුළදී තරුණ නීති සිසුවියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින චීවරධාරියා ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04 දා) නියෝග කළාය.

පොලිසිය විසින් මෙම නඩුවට අදාළව විමර්ශන සිදුකර අවසන් බව පවසමින් චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා කළ ඇප ඉල්ලීම සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම ඇප නියෝගය ලබා දුන්නාය.
වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් පොලිසිය මෙම නඩුවට අදාළව විමර්ශන සිදුකර අවසන් බව දන්වා සිටියේය.

කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක රාජකාරි කරන මෙම චීවරධාරියා විසින් පසුගිය අගෝස්තු මස 07 වැනිදා නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකට ලිංගික අතවර සිදු කිරීමට තැත් කර ඇත.

පසුව එම නීති සිසුවිය විසින් එදිනම කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුව ලබන 11 වැනිදා කැඳවීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements