Advertisement

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය අද නිවේදනයක් නිකුත් කර තිබුණි.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මහතා සිදු කළ බවට මාධ්‍ය මගින් පළ වූ කරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙම නිවේදනයේ දක්වා තිබේ.

එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති කොමිසමට පැමිණීමට ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය කරුණු පැහැදිලි කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements