Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් පරිසරවේදී සජීව චාමිකර මහතාගෙන් වන්දි ඉල්ලා මේ වන තෙක් අධිකරණය හමුවේ නඩු පවරා නැත.

නමුත් ඒ සඳහා වන කටයුතු සූදානම් වෙමින් ඇති බව අදාල සිදුවීම සම්බන්දයෙන් නීති කටයුතු බාර දී ඇති නීතිඥ සමාගම සදහන් කරයි.
කෙසේ වෙතත් අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කණගාටුව ප‍්‍රකාශ කරන ලෙස අවසන් වතාවටද නීතීඥවරුන් මහා මාර්ගයෙන් නැවතත් සජීව චාමිකර මහතාගේ පාර්ශවය වෙත දන්වා ඇතත් ඒ සඳහා ද එකගතාවක් නොපෙන්වීම නිසා ස්ථිර වශයෙන්ම නඩු පැවරීමට තීරණය කර ඇත.

සිංහරාජ රක්‍ෂිතයේ රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත් ඒ හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ එම හෝටලයට ලගාවීම පහසුවට බවත් චාමිරක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කලේය.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යෝෂිත රාජපක්ෂ මහතා අදාළ අසත්‍ය චෝදනාව හේතුවෙන් තමන්ට වූ අපහාසයට රුපියල් මිලියන 500 ක් වන්දි මුදලක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස නීතිඥ සමාගමක් මාර්ගයෙන් දැනුම්දී තිබුණේ පසුගිය මස 24 වැනිදාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements