Advertisement


කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන්කර තිබූ IDH රෝහලේ සියලු ඇඳන් මේ වන විට පිරී ගොස් ඇත.

එම රෝහලේ ඇඳන් 200 ආසන්න ප්‍රමාණයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබූ අතර දැන් එම ප්‍රමාණය පිරී ගොස් තිබේ.

මේ අතර වැලිකන්ද රෝහල නැගෙනහිර කොළඹ රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය රෝහල, කාන්තන්කුඩි රෝහල ආසාදිතයන් සඳහා වෙන් කරන ලද ඇදන් සියල්ල පිරී ගොස් ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ‍ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ වන විට වෙන් කරන ලද ඇඳන් වලින් ඉතිරිව ඇත්තේ තවත් 168 ක් පමණක් බවයි.

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් සඳහා ඇඳන් 1712ක් වෙන් කර ඇති බවත් අද උදෑසන වන විට ඉන් 1544 එකක් පිරී ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements