Advertisement

දරුවා රැඳී සිටි 11 වන වාට්ටුවේ අනෙක් දරුවන්ට හා භාරකරුවන් අවදානමක

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.

එම දරුවා සැත්කමක් සඳහා ඉන්දියාවට යොමුකිරිමට නියමිතව තිබියදි වාට්ටුවක නතරවී මාස 2 ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටි අතර දරුවා වෙනුවෙන් පියා කොටිකාවත්ත ප්‍රදේශයේ නවාතැනක නතරවී සිට දිනපතා රෝහලට පැමිණෙමින් දරුවා වෙනුවෙන් භාරකරුවෙකු ලෙස සැරිසරා තිබේ.

පියාට කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පසු සිදු කළ පරීක්ෂණ වලදී ධනාත්මකවී ඇත.

මේ හේතුවෙන් දරුවා රැඳී සිටි 11 වන වාට්ටුවේ අනෙක් දරුවන්ට හා භාරකරුවන්ට සාත්තු සේවකයින්ට වෛද්‍යවරුන්ට කොරෝනා ආසාදනය සම්බන්ධ අවදානමක් මතුව ඇති හෙයින් ඔවුන් පීසී ආර් පරීක්ෂණ වලට යොමු කර ඇති අතර අදාළ වාට්ටුව පමණක් දැන් වසා දමා ඇත.

එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කරගත් නමුත් එම දරුවා පරීක්ෂා කිරීමේ සිට රෝගය හඳුනාගැනීම දක්වා වෛද්‍යවරු ආරක්ෂිත උපක්‍රම යෙදූ නිසා එම දරුවාගෙන් අනෙක් අයට රෝගය පැතිරීමේ අවදානමක් නැති බව

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේය.

මිනුවන්ගොඩ සිට පැමිණි බිළිඳාට වෛරසය ආසාදනය වී තිබෙන බව ඊයේ රාත්‍රියේ අනාවරණය කරගත් පසු

එම බිළිඳා IDH රෝහල වෙත මාරු කර යවා ඇති බවද රෝහලේ අධ්‍යක්ෂ සඳහන් කළේය.

දරුවාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් අධ්‍යක්ෂ පැවසුවේ මෙම සිද්ධි දෙක නිසා රෝහලේ කටයුතු නවතා නැති බවත් පෙරකී වාට්ටුව පමණක් වසා දමා ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements