දෙහිඹ්විට ප්‍රදේශයේ ගම්මාන පහක් හුදකලා කිරීමට කටයුතු කර ඇත.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඉහළ තල්දූව, පහළ තල්දුව, දෙහිඕවිට, ඇපලපිටිය හා තිඹිරිපොල යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇති බවයි.
පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ ආසාදිතයන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.
අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
තවත් කොරෝනා ආසාදිතයන් 293 දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් 291 දෙනෙකු ආශ‍්‍රිතයන් වන අතර ඉතුරු දෙදෙනා නිරෝධායනයට යොමු කර සිටි අයෙගෙනි.

