Advertisement


තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු හැටන් බල ප්‍රදේශයෙන් වාර්ථාවන බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.

පැලියගොඩ මාළු වෙලද සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු ඔහුගේ සමිපතයන් පිරිසක් පී. සී. ආර්. පරික්ෂාවට ලක් කිරිමක් සිදු කල බවත් එම පි. සි. ආර්. පරික්ෂාවෙන් පසු කොවිඩ් 19 අසාදිතයන් දස දෙනකු වාර්ථවු බවද ඔහු පවසන ලදි.

මෙම තත්වයන් මත තව දුරටත් හැටන් බල ප්‍රදේශයේ පී. සී. ආර්. පරික්ෂාවන් ඉදිරියේදි සිදු කිරිමට පියවර ගන්නා බවද වෛද්‍ය්‍ය මධුර සෙනවිරත්න මහතා වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයේ මාළු ව්‍යාරිකයකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු කරන ලද PCR පරික්ෂාවෙන් තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු මෙම ප්‍රදේශයෙන් වාර්ථාවන බව සෞඛ්‍ය බලධාරින් විසින් දැනුම්දි ඇති බවත්ය.

එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමට පියවර ගන්නා ලෙසට එම වෙලදුන්ගෙන් ඉල්ලා සිටින බවද පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements