Featured News

Video Gossip

Advertisement

මධුෂ්ගේ ප‍්‍රධානම සතුරා  ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන අන්නාසි මොරිල් 

පාතාලයේ වර්තමාන ගෝර්ඞ්ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් විසින් මෙරට ප‍්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් සිව්දෙනා වන වෙලේසුදා, සිද්ධික්, අන්නාසි මොරිල් සහ පාකිස්තානු ජාතිකයකු වන සමින්ජානා ඝාතනය කිරීමට සැලසුම් සකස් කරගෙන සිටි බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

හෙරොයින් ජාවාරමේ ප‍්‍රධානීන් සිව්දෙනා ඝාතනය කර මෙරට හෙරොයින් බෙදාහැරීමේ ආධිපත්‍යය තමන් සතුකර ගැනීමට මාකඳුරේ මධුෂ් කටයුතු කරමින් සිටි බව ද හෙළි වී තිබේ.

මාකඳුරේ මධුෂ් ඝාතනයට ලක්වීමට පෙර ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්නකිරීම්වලදී මේ බව අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙරට හෙරොයින් ගෙන්වීමේ ප‍්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන අන්නාසි මොරිල් නමැත්තා මධුෂ්ගේ ප‍්‍රධානම සතුරා වන අතර ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැුඳී සිටිමින් සිය ව්‍යාපාරය කරගෙන යයි.

මධුෂ් ඩුබායි පොලිසියට කොටුකර දුන්නේ මොරිල් විසින් බව හෙළිවීමෙන් පසු මධුෂ් ඔහු කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ අතර, ඔහු කෙසේ හෝ ඝාතනය කිරීමට අවශ්‍ය බව සිය ගෝලබාලයන් වෙත දැනුම් දී තිබූ බව ද හෙළිව තිබේ.

මේ අතර බන්ධනාගාරගතව සිටින වෙලේසුදා බන්ධනාගාරය තුළදීම රහසිගතව මරා දැමීමේ සැලසුමක් මධුෂ් සතුව තිබී ඇති බව ද හෙළි වී ඇත.

සිද්ධික් සහ පාකිස්තානු ජාතිකයකු වන සමින්ජානා ද මරා දමා මෙරට හෙරොයින් ව්‍යාපාරයේ ඒකාධිකාරය තමන් සතුකර ගැනීමට මධුෂ් රහසිගත සැලසුම් සකස් කරගෙන සිට ඇති බව තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.

මේ අතර මෙම ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් සිවුදෙනා විනාශකර දැමීමට පොලිසියට සහාය වීමට නොහැකි බව ද මධුෂ් උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු හමුවේම ප‍්‍රකාශ කර තිබූ බව ද වාර්තා වෙයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements