Advertisement


කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 9ක බිළිඳියකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි.

මෙම බිළිඳිය වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

නමුත් බිළිඳියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවය කරන, කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇති පුද්ගලයෙකු බැවින් මෙම බිළිඳිය ද පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කර ඇත.

ඒ අනුව, බිළිඳියට කොරෝනාවෛරසය අසාදනයවී ඇති බව තහවුරුවී තිබේ. 

බිළිඳියගේ මව ද පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී නැති බවට තහවුරුවී ඇත.

මේ වන විට කොරෝනා ආසාදිත බිළිඳිය අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.

බිළිඳියගේ පියාද මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements