Advertisement


ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක රසායනගාර සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකරන එම රෝහලේ කාර්යමණ්ඩලය හා රසායනගාර ශිල්පීන් අතරින් කිහිප දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී ඇති බවයි.

ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

එම රෝහල විසින්ම සිදු කළ පරීක්ෂණ වලදී අදාළ පිරිසට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇතත් ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල ලෙස දැනුම්දී නැතැයි ද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements