Advertisement


ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇති‍ෙ චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළ ප්‍රශ්න කිරීමක දී ඇය මේ බව කියා සිටියාය.

ඔවුන් චීනයේදි කොරෝනා පරීක්ෂණ සිදුකර පැමිණෙන බවක් මෙරටද නැවත වතාවක් එම පරීක්‍ෂණ සිදුකරන බවත් සෞඛ්‍ය ඇමැතිවරිය පැවැසීය.

ඊයේ පස්වරුවේ චීන ගුවන් යානාවකින් 26 දෙනෙකුගෙන් සමන්විත චීන රාජතාන්ත්‍රික දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන රජයේ උසස් තනතුරු දරන පිරිස් සිටී.

එම නියෝජිතයන් හෙට දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීවටද නියමිතව ඇත.

එම හමු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස අනුගමනය කරමින් සිදුවන බවද සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

එම පිරිස දෙදින සංචාරය නිමා කර අද මෙරටින් පිටව යාමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements