Advertisement


දිවුලපිටියේ ඇඟලූම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගේ අතපසුවීමකින් විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවට මෙරට සමාජය තුල සිටි ආසාදිතයකුගෙන් වෛරසය ඇතුළු වීමට කිසිදු හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති බවත් තවත් ප්‍රතිඵල ලැබීමට ඇත්තේ සුළු පිරිසකගේ බවත් ඔහු පැවසීය.

ඉන්දියාවේ සිට 60 දෙනෙකු නොව 48 දෙනෙකු මත්තල ගුවන්තොටුපල මෙරටට පැමිණි බවත්එම පිරිස ආයතනයේ ඉල්ලීම මත හෝටලයක නිරෝධායනය කල බවත් හමුදාපතිවරයා පැවසීය.

එම හමුදාවේ ආරක්ෂා යටතේ දින 14ක් නිරෝධායනය වූයේ යයි වගකීමෙන් පවසන බවද ඔහු කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements