Advertisement

 


මීට ටික දිනකට පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සාක්ෂි නැතැයි පවසමින් නිදහස් කළ රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් හට ඉන්දියාවට පැන යාමට උපකාර කළ බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු තමාට යුද හමුදා බුද්ධි අංශ විසින් 2018 වර්ෂයේ දී ලබා දුන් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තමා යාපනයේ සිටිද්දී යුද හමුදා බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් පිළිබඳව තොරතුරු ලබා දුන් බව පවසන සේනානායක මහතා අයි.එස් සංවිධානය සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් සොයා ගැනීමේ හැකියාව හමුදා බුද්ධි අංශ වලට තිබුණ මුත් ඊට අවස්ථාව ලබා නොදුන් බව ද සඳහන් කොට තිබේ.

ඒ එවකට තිබූ රජය පොලිසිය හා යුද හමුදාව අතර ප්‍රශ්න ඇති කර තිබු නිසා බව ද සේනානායක මහතා මෙම කොමිසම හමුවේ ප්‍රකාශ කොට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements