Advertisement


කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

නැවත එම තනතුර බාර නොගන්නා බවත් තනතුරක් ඇතත් නැතත් තමනට ජනතාව රැක ගැනීම සඳහා කළ යුතු දෙයක් ඇත්නම් එය සිදු කරන බවද ඔහු පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ මොහොතේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ කොහිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා ජනතාව ප‍්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ ආසාදිතයන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements