Featured News

Video Gossip

Advertisement

බ්ලූමෙන්ඩල් සංඛ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැන යෑමට සැලසුමක්

කොළඹ පාතාලයේ දරුණුම අපරාධකාරයකු මෙන්ම ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන බ්ලූමෙන්ඩල් සංඛ නමැත්තා උසස් පොලිස් නිලධාරියකුට දුරකථනයෙන් කතා කර තමන් පාතාල ක‍්‍රියාකාරකම්වලින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඉවත් වන බව පවසා තමන්ට හිරිහැරයක් නොකරන ලෙස ඉල්ලමින් ආයාචනා කර ඇත.

බ්ලූමෙන්ඩල් සංඛ මෙම උසස් නිලධාරියා හමුවේ ආයාචනා කරන්නට පටන් ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ සහ ඥාති පුත‍්‍රයකු රුපියල් විසි ලක්‍ෂයක මුදල් සහ හෙරොයින් තොගයක් සම`ග පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

මේ අතර පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සම`ගම බ්ලූමෙන්ඩල් සංඛ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැන යෑමට සැලසුම් කරගෙන සිටින බවද පොලිසිය හෙළි කරගෙන ඇත.

මීට දින කීපයකට පෙර කොළඹ නගරයේ පෞද්ගලික බැංකු 3 කින් බ්ලූමෙන්ඩල් සංඛගේ බිරිඳ රුපියල් අසූ ලක්‍ෂයක මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිසිය සැක පහළ කරන්නේ බ්ලූමෙන්ඩල් සංඛ රටින් පලායෑම සඳහා මෙම මුදල් බැංකුවලින් ලබාගන්නට ඇති බවටයි.

බ්ලූමෙන්ඩල් සංඛගේ බිරිඳ සහ ඥාති පුත‍්‍රයකු රුපියල් විසි ලක්‍ෂයක මුදල් හා හෙරොයින් තොගයක් රැුගෙන කඳාන ප‍්‍රදේශය හරහා වෑන්රථයක යමින් සිටියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ලිස්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (25 වැනිදා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු බ්ලූමෙන්ඩල් සංඛ උසස් පොලිස් නිලධාරියකුට දුරකථනයෙන් කතාකර තමන් දරුවන් සිව් දෙනෙකුගේ පියකු බවත් තමන්ට සහ බිරිඳට හිරිහැරයක් නොකරන ලෙසත් ඉල්ලමින් දිගින් දිගටම ආයාචනා කර ඇත.

පාතාල අපරාධ නොකර හෙරොයින් ජාවාරම ද අතහැර යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වන බවට පොරොන්දු වෙමින් බ්ලූමෙන්ඩල් සංඛ මෙම නිලධාරියා ඉදිරියේ ආයාචනා කරන්නට පටන් ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

ඉකුත් 2010 වර්ෂයේදී එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සම`ගම මෙරට පාතාලයේ කෙරුම් කාරයෝ රැසක් හොර රහසේම රටින් පලා ගියහ. බ්ලූමෙන්ඩල් සංඛ ද ඒ ආකාරයට එවර රටින් පලා ගියේය.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම රජයේ කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කළ ප‍්‍රබලම දේශපාලනඥයකු සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම පාතාල නායකයා නැවත මෙරටට ගෙන්වා ගත්තේය.

හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements