Advertisement


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට මිය ගිය කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 53 දක්වා ඉහල යයි.

අද වාර්තා වන මිය ගිය අයගේ තොරතුරු මෙසේය.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය දියවැඩියාව සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට හේතුව ලෙස දක්වා තිබේ.

හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොලයේ රුධිර වහනයක් සිදු වීමයි.

රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කරන විට මියගොස් තිබේ. අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොරෝනා ආසාදනය හේතුවෙන් මෙම පුද්ගලයාට හෘදයාබාධයක් ඇතිවීම මරණයට හේතුව ලෙස දැක්වෙයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ හෘදයාබාදයක් ඇති වීම මරණයට හේතුව ලෙස සඳහන් වෙයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ ඇදුම රෝගය සහිතව සිටිය දී කොරෝනා ආසාදනය වීමයි.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements