Advertisement


කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනින් තැන පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තුන්වන අදියරේ යයිද තත්ත්වය පාලනය කිරීම අසීරු නැති බවද ඔහු පැවසීය.

වෛරසය සමාජගත වී නැති බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විද්‍යා ඒකයේ නිර්ණායකවලට අනුව බව ද ඔහු සඳහන් කරයි.

වෛරසය සමාජගත වීම යනු එය මතු වූ තැන් පවා සොයා ගැනීම දුෂ්කර අවස්ථාවක් යයිද ඔහු පැවසීය.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනුවන්ගො හා පෑලියගොඩ ආශ්‍රිත පොකුරු පමණක් බවද කී ඔහු එම පොකුරු වල පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන ඇතැයි ද පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය මත හෝ රට මුළුමනින්ම වසා දැමීමට කිසිසේත්ම හැකියාවක් නැති බවත් කොරෝනා පාලනය කරනු ලබන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරතුරේ දී බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements