Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පුබුදු අයියා නිසා මම ජනප්‍රිය වුණා

ඉතාම කුඩා වයසින්ම වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය අදවන විට රටක් ආදරය රසකරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා. වරෙක ඇය රූප රාජිනියක් ලෙසත්, දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙසත් රසික හදවත් පැහැරගනු ලැබුවා. “ද නිවුස්පේපර්” හරහා රිදී තිරයෙන් අපට හමු වූ ඇය නමින් මාෂි සිරිවර්ධනයි. හදගැස්ම මෙවර කතා බහ වෙන් වෙන්නේ ඇය වෙනුවෙනුයි.

මාෂි ඔබගේ 25 වැනි උපන්දින සාදය වෙනස්ම විධියකට සැලසුම් කරලා තිබුණා. එම අත්දැකීම පිළිබඳව විස්තර කරමු නේද?

පසුගිය වතාවලදී වගේම මෙවරත් ළමා නිවාසයක, වැඩිහිටි නිවාසයක හෝ පිළිකා රෝහල තුළදී අපට හිතවත්ම කලාකරුවන් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් පින්කමක් කරලා උපන් දිනය සමරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. කොරෝනා නිසා එම අදහස වෙනස් වුණා.

දවස් තුනක් වගේ සුළු කාලයක් ඇතුළතදී පුබුදු අයියා මටත් හොරෙන් මාව පුදුම කරවන්න පුංචි උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එයාත් ගොඩක් කාර්යබහුල නිසා ඇත්තටම මේ පාර උපන්දිනය සමරන්න ඕනි කියලා මගේ හිතේ අදහසක් තිබුණේම නැහැ. නමුත් පුබුදු අයියා සහ අපේ ගෙදර අය එක්ව Auslanka Delivery ආයතනයේ සහයෝගය ඇතිව ගෙදර ලස්සනට සරසලා ලස්සන කේක් නිර්මාණ කිහිපයකුත් කරලා තිබුණා.

ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනකුගේ සුබ පැතුම් ඇතුළත් Vedio සහිත ලස්සන වැඩක් කරලා තිබුණා. ඇත්තටම ඒක නිසාත් මම ගොඩාක් Surpise වුණා.

ගෙදර ඔක්කොම සැරසිලි කටයුතු Cherry Blossom Theam එක නිර්මාණය කරලා තිබුණේ. මම ගොඩක් රෝස පාටට ආසයි. Auslanka Delivery එකටත් මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා ලස්සන නිර්මාණයක් කරලා දුන්නාට.

තව Surprise Cake එකක් A Taste of Heaven එකේ විජිත කුමාර අයියා ලස්සන කේක් එකක් කරලා තිබුණා.

එදාම සියත TV එකේ උදේ වැඩසටහන අතරතුර සංගීතා අක්කා මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ කීප දෙනෙක් එක්ක සජීවීව ඇවිත් මට Surprise එකක් දුන්නා.

ඔබ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණු ආකාරය පිළිබඳව මතක් කළොත්?

මම අවුරුදු 15-16 පමණ කුඩා වයසේ සිටම විවිධ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඊට අමතරව 2016 වසරේදී ITN අවුරුදු කුමරිය බවට පත් වුණා. 

2017 වර්ෂයේදී NSBN අවුරුදු කුමරිය හරහාත් ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තා. 2016 ITN අවුරුදු කුමරිය වීමත් සමඟ පුබුදු චතුරංගගේ පෙම්වතිය වශයෙන් මාව ක්‍ෂේත්‍රය තුළ කා අතරත් ජනප්‍රිය වුණා. ඉතින් පුබුදු අයියා නිසා ඇති වූ ජනප්‍රියත්වයත් සමඟ ක්‍ෂේත්‍රය තුළ විවිධ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වුණා.

ද නිවුස්පේපර් ෆිල්ම් එක ගැනත් විස්තර ටිකක් කියමු නේද?

මේ Film එක මම සම්බන්ධ වන දෙවැනි Film එක. මෙහිදී මම රංගනයෙන් දායක වෙන්නේ තරුෂි කියලා රට වෙනුවෙන් කැපවෙලා වැඩකරන මාධ්‍ය ක්‍ෂේත්‍රයට ආදරය කරන තරුණ මාධ්‍යවේදිනියක්.

මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මාව මේ චරිතයට තෝරා ගන්නේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර කියන අධ්‍යක්ෂවරුන් දෙදෙනායි.

ඔවුන් දෙදනාට අමතරව එහි නිෂ්පාදකතුමා බන්දුල ගුණවර්ධන මහතා, එච්.ඩී. ප්‍රේමසිරි, රවින්ද්‍ර ගුරුගේ මහතා සහ කාර්මික ශිල්පීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

තරුෂි කියන චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව කතා කළොත්?

ක්‍ෂේත්‍රය තුළ සිටින නවක, ජනප්‍රිය, ප්‍රවීණ මේ සියලුම දෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර හිමි වෙනවා. කලාකරුවන් සහ සම්භාව්‍ය සිනමාව ප්‍රිය කරන ප්‍රේක්ෂකයන්ගෙන් පවා ඉහළ ප්‍රතිචාර හිමි වෙනවා.

Cafe Mashi කියලා අලුත් වැඩක් පටන් ගත්තා නේද?

ඔව්. ඇත්තටම මේක පුබුදු අයියාගේ අදහසකට අනුව තමයි පටන් ගත්තේ. කොරෝනා කාලයේදී ගෙදරට වෙලා ඉන්න කොට අපි දෙන්නා එක එක කෑම වර්ග හැදුවා. ඉතින් පුබුදු අයියා කිව්වා මේ රසය රසිකයෝ සමඟත් බෙදාගමු කියලා. අලුත් අලුත් කෑම වර්ග හදන්නත් මම ගොඩක් කැමැතියි. මගේ තාත්තාත් ඉන්නේ ඉතාලියේ. ඉතින් ඉතාලියානු කෑමවල රස මම හොඳට හඳුනනවා. ඒ වගේම මෙහේ ඉතාලියානු කෑම ජාති මිලදී ගන්නත් හරි තැනක් නැහැනේ. ඉතින් අපි කැෆේ මාෂි පටන් ගත්තේ විශේෂයෙන්ම ඉතාලියානු කෑම වර්ග මුල්කරගෙනයි. දැන් අපි මේක ර්ණීදතඪදඥ ඛ්චටධි එකක් විධියට තමයි කරගෙන යන්නේ. ඒ සඳහා චෙෆ්ලා කිහිපදෙනකුත් අපිත් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.

ඉදිරි කලා කටයුතු මොනවාද කියලාත් මතක් කළොත්?

මම රංගනයෙන් දායක වුණු චන්න පෙරේරා අයියගේ යුගාත්‍රා කියන Film එක සහ සුනිල් ප්‍රේමරත්නයන්ගේ නිහඬ සෙවණැලි කියන Film දෙක ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ කටයුතු සහ තවත් අලුත් චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. 

මාෂි ඔයා අද වන විට රටක් ආදරය කරන ජනප්‍රිය තාරකාවියක්. මේ සඳහා පුබුදුගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?

පුබුදු අයියව මට මුණ ගැසෙන්නේ 2014දී. ඇත්තටම පුබුදු චතුරංග කියන්නේ දක්ෂ ජනප්‍රිය ප්‍රේක්ෂක ආදරය දිනාගත් කෙනෙක්. එයා වගේ කෙනෙක් මට මගේ ස්වාමිපුරුෂයා වීම මගේ වාසනාවක්. ඇත්තටම පුබුදු අයියා නිසා මම ජනිප්‍රියත්වයට පත්වුණා කියලා කිව්වොත් මම නිවැරැදියි. 

එමෙන්ම අද වන විට මටම වෙන්වුණු රසික රසිකාවියන් විශාල පිරිසකුත් මා වටා ඒකරාශි වෙලා සිටිනවා.

විවාහ ජීවිතය ගැනත් යමක් කියමු

ඉතාම සතුටින් කාලය ගත කරනවා. දැන් මට මගේ පවුලට අමතරව තවත් පවුලකින් ආදරය ලැබෙනවා. මම ආදරය කරන්න සහ ආදරය ලබන්න ගොඩක් කැමැති කෙනෙක්. ඉතින් පුබුදු අයියාගෙන් මට අවශ්‍ය ආදරය, රැකවරණය, ආරක්ෂාව සහ සහයෝගය කියන මේ සියලු දේවල් නොඅඩුවම ලැබෙනවා. ඇත්තටම මට ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබිලා තියෙනවා. ඉතින් ජීවිතයට මොනයම් ආකාරයක ප්‍රශ්න ගැටලු ආවත් ඒවා විසඳ ගන්න පුළුවන් විධියේ හොඳ අවබෝධයක් සහ විශ්වාසයක්, ආදරයක් අපි දෙන්නා අතර තිබෙනවා.

පුබුදු - මාෂි කැදැල්ලට ළඟදීම අලුත් සාමාජිකයෙක් එකතුකර ගන්න අදහසක් නැද්ද?

ඇත්තටම පවුල් දෙකේම අය ඔය ප්‍රශ්නය අපි දෙන්නගෙන්ම අහනවා. නමුත් තව ටික කාලයක් මේ විධියටම ජීවිතය ගත කරන්න අපි දෙන්නම කැමැතියි. මවු පදවිය වැනි උතුම් පදවියක් දරන්න එම වගකීම සඳහා හොඳින් සූදානම් වීමට තව ටික කාලයක් අවශ්‍යයි කියලා අපි හිතුවා. භාරගත්තු වැඩ කටයුතු පිළිවෙළකට අවසන් කරලා නිසි සැලසුමකට අනුව අනාගතය ප්ලෑන් කරන්න තමයි අපි දෙන්නම හිතාගෙන ඉන්නේ. 

දිනූෂා මනෝරි නිශ්ශංක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook