Featured News

Video Gossip

Advertisement

මරණ සංඛ්‍යාව අඩුකර ගන්න පුලුවන් වෙයිද කියලා තීරණය කරන්න පුලුවන් වෙන්නේ අපි දැන් මේ මරණ ගැන හිතලා හරි තීන්දු තීරණ ගත්තොත්.

ඉදිරි සතිය මාසය වන විට රෝගීන් ගැන නොව දෙසැම්බර් මුල් සතිය වන විට කොවිඩ් මරණ ගැන කතා කිරිමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සමාජය තුලින් රෝගීන් වාර්තා වන විට තත්ත්වය වෙනස් වන බවත් එවිට පවතින තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වන බවට කල්තියා අනතුරු අඟවා සිටිය බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියේ.

” දැන් මෙය සිදුවෙමින් තිබෙනවා. දවසට මරණ 05ක්. හෙට මෙය මරණ 5-10ක් වෙයිද නැත්නම් අනිත් පැත්තට මරණ සංඛ්‍යාව අඩුකර ගන්න පුලුවන් වෙයිද කියලා තීරණය කරන්න පුලුවන් වෙන්නේ අපි දැන් මේ මරණ ගැන හිතලා හරි තීන්දු තීරණ ගත්තොත්.

මාස 09ට මරණ 13යි, දවස් 14 කට ආසන්න කාලයේදී මරණ 16ක් වාර්තා වී තිබෙනවා.

09 වෙනිදා මේ ඇඳිරි නීතිය ඉවත් කරනවානම් අපි තීරණය කළ යුතු කාරණා තමයි :

1. මේ වන විට රෝග ව්‍යාප්තිය පාලනය කරලද තියෙන්නේ කියන එක

2. ආසදිතයින්ගේ සියලු ආශ්‍රිතයින් සොයා ගෙන අවසන් ද යන්න

3. මේ හරහා සමාජයට අවධානමක් නැද්ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍යයි.

4. සොයා ගත් ආශ්‍රිතයින් කවුද ඔවුන් සියලු දෙනාටම PCR පිරික්ෂණ සිදුකොට ඔවුන්ගෙන් ආසාදිතයින් කවුද, ඉදිරියේදී ආසාදිතයින් විය හැකි අය කවුද, ආසාදිතයින් නොවන අය කව්ද කියලා සොයා බැලිය යුතුයි.

රටේ ආර්ථිකයත් එක්ක මේ සේරම තීරණය කරන්න උවමනා වුනාට සෞඛ්‍ය මුලික හරයන් අමතක කරන්න බැරි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements