Showing posts with label Dr. Haritha Aluthge. Show all posts
අපි ඉන්නේ අවදානමක - කොරෝනා ලෝක ශ්රේණිගත කිරීම් අනුව ශ්රී ලංකාව 95 වන ස්තානයේ
covid-19
,
Dr. Haritha Aluthge
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
ලෝකයේ කොරෝනාවෛරසය ආසාදිතයින් වාර්තා වන සංඛ්යාව අනුව සකස් කෙරෙන ශ්රේණිගත කිරීම් අනුව ශ්රී ලංකාව මේ වන විට රටවල් 220ක් අතරින් 95 වන ස්ථානයට පැමිණ ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
එහි සංස්කාරක වෛද්ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාව 147 වන ස්ථානයේ පසුවූ අතර මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාන 52කින් නරක පැත්තට ගමන් කර ඇති බවය.
කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්යාව අනුව කෙරෙන ශ්රේණිගත කිරීම් අනුව ඇමෙරිකාව පළමු වන ස්ථානයේ පසුවෙයි.
මරණ සංඛ්යාව අඩුකර ගන්න පුලුවන් වෙයිද කියලා තීරණය කරන්න පුලුවන් වෙන්නේ අපි දැන් මේ මරණ ගැන හිතලා හරි තීන්දු තීරණ ගත්තොත්.
ඉදිරි සතිය මාසය වන විට රෝගීන් ගැන නොව දෙසැම්බර් මුල් සතිය වන විට කොවිඩ් මරණ ගැන කතා කිරිමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්ය හරිත අලුත්ගේ ප්රකාශ කර සිටිනවා.
මාධ්ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සමාජය තුලින් රෝගීන් වාර්තා වන විට තත්ත්වය වෙනස් වන බවත් එවිට පවතින තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වන බවට කල්තියා අනතුරු අඟවා සිටිය බවයි වෛද්ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියේ.
කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල යම් ප්රමාදයක් තිබෙන බවත් එය නිවැරදි කිරීමට කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී යම් අර්බුදකාරී තත්ත්වයක් මතු විය හැකි බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
කොළඹ ඊයේ (03) පැවති මාධ්ය හමුවකදී හෙතෙම මේ බව ස`දහන් කළේය.
සෞඛ්ය අමාත්යාංශය කිවුව දේ ඇහුවේ නෑ - කොරෝනා 04වන අදියරට ඇවිත් දරුණු ලෙස සමාජය ගිල ගන්නවා - GMOA කියයි
corona
,
Dr. Haritha Aluthge
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්ය අමාත්යාංශය කටයුතු කිරීමෙන් නිසා වෛරස ව්යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________







