Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

එච්.අයි.වී. ආසාදිතයන් 3600ක්

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. (H.I.V) ආසාදිතයන්ගේ ප්‍රතිශතය ගත්කළ එය 2%කට අඩු ප්‍රතිශතයක් වාර්තා වන අතර, එච්. අයි.වී. සායන සඳහා වාර්තා වීම වැඩි බවත්, ඒ නිසා මිනිසුන් රෝගය පිළිබඳව දැනුවත් වීම නිසා එච්.අයි.වී. රෝගීන් වාර්තා වීම අඩු ප්‍රතිශතයක් ගන්නා බවද ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධක්ෂිකා සෞඛ්‍ය අමාත්‍යංශ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

වෛද්‍යවරිය මේ බව පැවසුවේ, පසුගියදා (18) කොළඹදී පැවැති ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරිම් වැඩසටහනකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,

“පසුගිය අවුරුදු 05ක කාලසීමාව තුළ ආසාදිත පිරිමි ළමයින් වාර්තා වීම වැඩි අගයක් ගෙන ඇති අතර, 2017 වර්ෂයෙන් පසුව අවුරුදු 15ත්, 24 ත් අතර තරුණ පිරිස් කාණ්ඩය සලකා බැලීමේදී මුළු එච්.අයි.වී. ආසාදිතයන් 9%ක් ලංකාවෙන් වාර්තා වී තිබෙනවා.

දත්ත සලකා බැලීමේදී 2018 වර්ෂයේදී 12%, 2019 වර්ෂයේදී 13%ක් පිරිමි ළමයින් අතර එච්.අයි.වී. වාර්තා වීම් සිදුවී ඇති බවත්, ගැහැනු ළමුන් සම්බන්ධව 2%ක්වැනි ඉතා සුළු අගයක් වාර්තා වනවා.

දරුවකු ප්‍රසූත කිරීම සඳහා රෝහලකට පැමිණෙන සෑම ගර්භනී කාන්තාවක් සඳහාම එච්.අයි.වී. රෝගය තිබේද කියා සෑම රෝහලකම පරික්ෂා කිරීම් සිදුකරනවා. එසේ වාර්තා වීම සිදුවුවහොත් ප්‍රතිකාර ලබාදීම දරුවා ලැබීමට පෙරත් ඊට පසුවත් ලබාදීම සිදු කරනවා. එච්.අයි.වී. ප්‍රතිකාර සදහා ලංකාවේ STDClinic (සායන) 42ක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මවගෙන් දරුවාට එච්.අයි.වී. තුරන් කළ පළමු වැනි රට ලෙසට 2019 වර්ෂයේදී සහතිකයක් ලබාදී තිබෙනවා.

” යැයි පවසා සිටියාය.

මෙරට එච්.අයි.වී. ආසාදිතයන් 3600ක් සිටින බවත්, 2004 වර්ෂයේ සිට සායනවලට පැමිණ ප්‍රතිකාර ගන්නා රෝගීන් ගණන 1845 දෙනෙකු බවත්, රෝගීන් 1455දෙනෙකු නියම ප්‍රතිකාරයක් ලබා නොගන්නා බවත්, ඒ අය තමන්ට එච්.අයි.වී. තියෙනවාද කියා නොදන්නා සේ සිටින අතර ඒ අයත් සායනවලින් බෙහෙත් ලබා ගැනීමට පැමිණෙනුයේනම් රෝගය සමනය කර ගැනීමට හැකියාව ඇති බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

කෝවිඩ් 19 වසංගතය පැතිරීම නිසා බොහෝ තරුණ කොටස් අවු. 15-20 අතර සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන අතර, මේ ඔස්සේ දැනහඳුනගන්නා අය සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන බවත්, මේ ගැන දරුවන්ගේ මව සහ පියා දැනුවත් විය යුතු බවත් පැවසූ රසාංජලී මහත්මිය දැනට මෙම ක්‍රමයට අනාරක්ෂිත ලිංගික හැසිරීම් 5%ක් පමණ මෙරටින් වාර්තා වන බවද පෙන්වා දුන්නාය.
– චන්දන සමරවික්‍රම –

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook