Advertisement


දෙවන කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (18) ජාතිය අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙන් මෙම ජාතිය ඇමතීම සිදු කෙරිණි.

ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ, පළමු කොරෝනා රැල්ලේදී ලැබූ අත්දැකීම් තුළින් දෙවන කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති බවය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා අවදානම් ප්‍රදේශ පමණක් හුදෙකලා කරමින් සෙසු ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යා හැකි වූයේ, පළමු රැල්ලේදී ලැබූ අත්දැකීම් හේතුවෙන් බවය.

මේ වන විට ජන ජීවිතය අඩාළ නොකර කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ජනතාව සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළහොත් දෙවන කොරෝනා රැල්ල ද සාර්ථකව මැඩ පැවැත්විය හැකි බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements