Advertisement


සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් හෝ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමා නෙරපිය නොහැකි බවත් තමන් තවදුරටත් එම තනතුරුවල සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය මවුබිම පුවත්පත සමග සිදුකල සාකච්ඡාවකදී ප්‍රකාශකල බව එම පුවත් පත වාර්තා කර ඇත.
තමන් සමගි ජන බලවේගයෙන් පහසුවෙන් නෙරපිය නොහැකි බවත් මෙම ගැටලුව අධිකරණයට ගියවිට තමා ගත් තීරණය වෙනුවෙන් කරුණු දැක්වීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ද එවකට පැවැති ආණ්ඩුවට සහයෝගය ලබාදී සිටිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කිසිදු ආකාරයකට අභියෝගයට ලක්නොවූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දෙන ලදී.

තමන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටිය ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබාදුන්නේ රට වෙනුවෙන් බවත් එම තීරණය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් සහ රටේ බහුතරයක් පොදු මහජනතාව අනුමත කර තිබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements