Featured News

Video Gossip

Advertisement


පවතින කොරෝනා තත්ත්වය හමුවේ බස්නාහිර පළාත ඇතුළු ප‍්‍රදේශ කීපයක ඇඳිරිනීතිය පනවා තිබෙන මොහොතක විවාහ මංගල උත්සව හෝටල් තුළ හා නිවෙස් තුළ පවත්වන්නේ නම් එම විවාහ මංගල උත්සව සංවිධානය කරන අයට හා හෝටල් පාලනාධිකාරියට එරෙහිව නිරෝධායන රීතීන් කඩ කිරීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. 
එසේම නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක ප‍්‍රදේශ තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශීවන විවාහ මංගල උත්සවයක් ක‍්‍රීඩා උත්සවයක් හෝටලයක හෝ ක‍්‍රීඩා පිටියක පවත්වන්නේ නම් ඒ ගැන ළ`ගම ඇති පොලිස් ස්ථානයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දෙන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේද කියා සිටියේය. මේ වෙලාව හෝටල් තුළ පිරිස ඒකරාශී කර විවාහ මංගල උත්සව පවත්වන්න සුදුසු කාලයක් නොවෙයි. විශේෂයෙන් බස්නාහිර පළාත ඇතුළු තවත් ප‍්‍රදේශ කීපයකම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති වෙලාවක හිතන්න මේ දේවල් පවත්වන්න සුදුසුද කියලා. කොරෝනා ව්‍යාප්ත වීම වලක්වන්න සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ, පොලිසිය දැඩි කැපවීමක් කරන වෙලාවක ජනතාවගේ සහයෝගයත් ඉතා අවශ්‍යයි. එතකොට තමයි මේ කොරෝනා අපේ රටෙන් තුරන් කරන්න පුළුවන් වෙන්නේ. -Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements