Featured News

Video Gossip

Advertisement

රට පුරා කර්මාන්තශාලා ආශ‍්‍රිතවද කොවිඞ් උප පොකුරු නිර්මාණය වීමේ යම් අවදානමක්

කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල යම් ප‍්‍රමාදයක් තිබෙන බවත් එය නිවැරදි කිරීමට කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී යම් අර්බුදකාරී තත්ත්වයක් මතු විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ස`දහන් කළේය.

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී පවතින ප‍්‍රමාදය හේතුවෙන් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සහ පාලනයට බාධා පවතින බැවින් කොවිඞ් සම්බන්ධ තීරණ ගැනීමේදී ප‍්‍රාදේශීය වශයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

කි‍්‍රයාවිරහිතව පැවති මුල්ලේරියාව රෝහලේ පී.සී.ආර්. යන්ත‍්‍රය යථා තත්ත්වයට පත්ව ඇත්නම් මෙරට දෛනිකව සිදු කරන පී.සී.ආර්. සංඛ්‍යාව පහළොස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගත යුතු බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේද පී.සී.ආර්. පරීක්ෂණ ප‍්‍රමාදයක් පවතින බවත්, එයට හේතු වී ඇත්තේ රසායනාගාර පහසුකම් ප‍්‍රමාණවත් නොවීම බවත් කී එ් මහතා කෑගල්ල සහ කුරුණෑගල රෝහල් ස`දහා පී.සී.ආර්. යන්ත‍්‍ර නොමැති වීමත් කළුතර දිස්ත‍්‍රික්කයට රසායනාගාර පහසුකම් නොමැති වීමත් නිසා අනවශ්‍ය ප‍්‍රමාදයක් ඇතිවී ඇතැයි ද කියා සිටියේය.

රට පුරා කර්මාන්තශාලා ආශ‍්‍රිතවද කොවිඞ් උප පොකුරු නිර්මාණය වීමේ යම් අවදානමක් මතුව තිබෙන හෙයින් එය රටක් ලෙස කොවිඞ් වසංගත තත්ත්වයට මුහුණ දීමට අපහසු තත්ත්වයක් වී ඇති නිසා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේදී දැනට පවතින ප‍්‍රමාදය වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් විශාල අර්බුදයක් නිර්මාණය විය හැකි බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements