බස්නාහිර සතියකින් - තවත් තැන් කිහිපයකට ඇදිරි නීතිය දීර්ඝ කෙරේ : Curfew
curfew
,
gossip
,
gossip lanaka
,
mini-gossip
,
News
,
Police curfew
බස්නාහිර පළාතට දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 05.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව තවත් ප්‍රදේශ කිහිපයකට ද අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව මෙහිදී යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.
ඇඳිරිනීතිය පැනවෙන ස්ථාන පහතින් දැක්වේ.
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැ.09 උදෑසන 5 දක්වා
ඇහැලියගොඩ පොලිස් වසමට හෙට (02) උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා
කුරුණෑගල නගර සභා සීමාවටත් හෙට උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා
කුලියාපිටිය පොලිස් වසමටත් හෙට උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා

