Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කොටස් ගණන වැඩි වූ පමණින් එහි නළු නිළියන්ට අසාධාරණයක් වෙනවා කියලා කියන්නට බැහැ.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ අමීශාට බොහෝ දෙනා දක්වන්නේ අකැමැත්තක්. මේ අකැමැත්තට හේතු වෙන්නේ නපුරු අමීශාගේ චරිතයට පණ පොවන අංජුලා චරිතයට එක් කරන සාධාරණත්වය නිසයි. අංජුලා රාජපක්ෂ සැබෑ ජීවිතයේදී නම් ඉතා නිහතමානි රංගන ශිල්පිනියක්. කොරෝනා එක්ක අංජුලා ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න හදගැස්ම අපි අංජුලාට කතා කළා.

ඉතින් අංජුලා කොහොමද මේ දවස්වල ජීවිතය ගතවෙන්නේ?

කොරෝනා නිසා ගෙදරටම වෙලා ඉන්නවා. විශාල නිවාඩුවක් ලැබිලා තියෙන නිසා නිවසේ වැඩකටයුතු එක්ක තමයි කාලය ගත කරන්නේ.

කොරෝනා නිසා කලා කටයුතු නතර වෙලා නේද?

ඔව්. මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය 3ක් විකාශය වෙනවා. ඉන් එක් ටෙලි නාට්‍යයක් වන "සිහිනි" ටෙලි නාට්‍යය සම්පූර්ණයෙන් රූගත කර අවසානයි. අනෙක් නාට්‍ය දෙක වන "දෙවැනි ඉනිම" සහ "සිහින සමාගම" රූගත කර අවසාන නැහැ. කොරෝනා තත්ත්වය නිසා මේ සියලුම කටයුතු නවතා දමන්නට සිදුවෙලා.

මේ වෙනකොට බොහෝ කලා ශිල්පීන් කලාවට අමතරව ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙලා තියෙනවා. අංජුලාට එවැනි අදහසක් නැද්ද?

මම වෘත්තීය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට වෙනත් ව්‍යාපාරික කටයුතුවල නියැළෙන්නේ නැහැ. ඉදිරියේදී එවැනි අදහසක් ඇති වෙයිද කියලා නම් කියන්න අපහසුයි.

අංජුලා කලාවට යොමු වෙන්නේ පාසල් සමයේ ඉඳලද? 

මම සාමාන්‍ය පෙළ දක්වා හලාවත කොන්වන්ට් එකටත් උසස් පෙළ සඳහා මාදම්පේ සේනානායක ජාතික පාසලටත් ගියා. පාසල් කාලයේ ඉඳලම කලාවට ලොකු ආසාවක්, ඇල්මක් මගේ හිතේ තිබුණා. පාසල් කාලයේදී වේදීකා නාට්‍ය රැසකටම මම සම්බන්ධ වුණා. දැන් මගේ රංගන ජීවිතයට අවුරුදු 20ක් වෙනවා.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ චරිතය තුළ දීර්ඝ කාලීනව කොටූ වීම නිසා ඔබට අසාධාරණයක් සිද්ධවෙලා කියලා කිව්වොත්?

නැහැ. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කොටස් ගණන වැඩි වූ පමණින් එහි නළු නිළියන්ට අසාධාරණයක් වෙනවා කියලා කියන්නට බැහැ. මේ චරිතය එක්ක මගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි වුණා. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙන නවක නළු නිළියන් පවා එකරැයින් ජනප්‍රිය වෙන ස්වභාවයක් තිබෙනවා. මේ ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ ස්වභාවය කාලයෙන් කාලයට වෙනස් වුණා. ඒ නිසා මට ඒකාකාරීත්වයක් දැනුණේ නැහැ.

අංජුලාව නපුරු චරිතවලටම තෝරගන්නේ අංජුලාගේ පෙනුම නිසාද?

මම ඇත්තටම නපුරු කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි අහිංසක පෙනුමක් තියෙන හැම කෙනාම අහිංසකයි කියන්නත් බැහැ. මම මගේ රංගන ජීවිතයේදී අහිංසක චරිත, නපුරු චරිත වැනි චරිත රාශියක් රඟපා තිබෙනවා. නමුත් මම නපුරු චරිතවලට හොඳ සාධාරණත්වයක් ඉෂ්ට කළ නිසාම‍ෙදා් බොහෝ දෙනාට මතක මා රඟපෑ නපුරු චරිත පමණයි.

අංජුලා වැඩිපුර දකින්න ලැබෙන්නේ නැත්තේ නිර්මාණ තෝරා බේරාගෙන කරන නිසාද?

හොඳ ටෙලි නාට්‍යයක් නම් මම භාර ගන්නවා. ලොකු තෝරා ගැනීමක් කරන්නෙත් නැහැ. නමුත් රූගත කිරීම්වල දිනයන්වල ගැටලු ඇති වන නිසා හැම නිර්මාණයක්ම භාර ගැනීමටත් අපහසුයි.

සිනමා ක්ෂේත්‍රයට අංජුලා ලබාදුන්න දායකත්වය ගැන සෑහීමකට පත් වෙනවාද?

ඇත්තටම නැහැ. මම සිනමා සිත්තම් හතකට පමණ රංගන දායකත්වය ලබාදුන්නා. නමුත් සිනමාවේ මට ලැබුණු චරිත ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට වැඩි තැනක් ලබාදුන්න නිසා මට සිනමාව අතපසු වුණා.

අංජුලා ටික් ටොක් කරන්න කැමැති නැද්ද?

ටික් ටොක් කියන්නෙත් කලාවක්. ඒ නිසා ටික් ටොක් කරන එක නරකයි කියලා මම කියන්නේ නැහැ. ඒත් ටික් ටොක් කරලා අමුතුවෙන් ජනප්‍රියත්වයක් ලබාගන්න මට අවශ්‍ය නැහැ. හැමවෙලේම පේන්න ඉන්න කොටත් මිනිස්සුන්ට එපා වෙනවා. ඒ නිසා එවැනි දෙයට යොමු වෙන්න මගේ ආසාවක් නැහැ.

විවාහ ජීවිතය ගැනත් කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහායත් මතක් කරමු?

අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා. විවාහ ජීවිතය තුළ වගකීම් වැඩියි. වගකීම් බෙදාහදාගෙන හොඳින් විවාහ ජීවිතය ගත කරනවා. කලා කටයුතුවලදී මම ගොඩක් කාර්යබහුල වෙනවා. ඒ හැම දෙයක්ම හොඳට තේරුම් අරන් මගේ වැඩකටයුතු සාර්ථක කරගන්න ඔහු මට හොඳ සහයෝගයක් දෙනවා. මේ දවස්වල ගෙදරම ඉන්න නිසා පෞද්ගලික ජීවිතයට හොඳ නිවාඩුවක් ලැබිලා තියෙනවා. සැමියත්, මමත් වගා කටයුතුවලට ලොකු වෙලාවක් වෙන් කරනවා

බොහෝ කලා ශිල්පිනියන් සම අසාමාන්‍ය ලෙස සුදු කරගන්න ලොකු කැමැත්තක් දක්වනවා. අංජුලා ඒ ගැන මොකද හිතන්නේ?

රූපලාවණ්‍ය ගැන හැමෝම උනන්දුවක් දක්වනවා. එය එක් එක් පුද්ගලයාගේ කැමැත්ත මත පදනම් වෙනවා. මම කෘත්‍රිම දෙයට වඩා ස්වාභාවික සත්කාරවලට කැමැත්තක් දක්වන කෙනෙක්. ඒ නිසා සම සුදු කරගන්න මම කෘත්‍රිම දේවල් සිදුකරන්නේ නැහැ.

අංජුලා සුරතල් සතුන් එක්ක ජායාරූප පළ කරලා තියෙනවා අපි දැක්කා. ඒ ඔක්කොම අංජුලාගේ සුරතලුන්ද?

මම සුරතල් සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මම සුරතල් ලේනුන් සහ බලු පැටවුන් රැසක්ම ඇති දැඩි කළා. දැන් මා සතුව ඉන්නේ සුරතල් පූසෙක් පමණයි. ඔහුගෙ නම ලූනා. අපේ ගෙදර ප්‍රධානියා ඔහුයි. ඔය සඳහන් කරන අනිත් ජායාරූපවල ඉන්නේ රූගතකිරීම්වලදී මට හමුවුණ සුරතලුන්.

අංජුලා ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?

මේ දිනවල මම රංගන දායකත්වය දෙන ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. ඉදිරියේදී තනි තරු මල් ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වීමට නියමිතව තියෙනවා. කොරෝනා නිසා නැවතුණු වැඩ පටන් ගන්න තුරු නිවෙසට වෙලා කාලය ගත කරනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook