Advertisement


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

තම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවත් එය බලධාරීන්ට මතක් කර ඇති බවත් ඔහු පවසයි.

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටිනා බවත් ඒ මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය නොලැබුනු බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැති බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements