Featured News

Video Gossip

Advertisement

අපි ඉන්නේ අවදානම් තැනක
 

ලෝකයේ කොරෝනාවෛරසය ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යාව අනුව සකස් කෙරෙන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට රටවල් 220ක් අතරින් 95 වන ස්ථානයට පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව 147 වන ස්ථානයේ පසුවූ අතර මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාන 52කින් නරක පැත්තට ගමන් කර ඇති බවය.

කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අනුව කෙරෙන ශ්‍රේණිගත කිරීම් අනුව ඇමෙරිකාව පළමු වන ස්ථානයේ පසුවෙයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ, "ඉතා ම පැහැදිලිව යම් අවදානම් තැනක අපි ඉන්නව කියන එක අපි පැහැදිලි කර ගත යුතු," බවය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා...

"ඔක්තෝබර් මැද අපි හිටියෙ මේ ශ්‍රේණිගත කිරීම්වලදී රටවල් 220කින් 147 වන තැන. නමුත් ඊයෙ වෙනකොට තත්ත්වය තමයි අපි 220න් 95 වන තැන දක්වා ඉදිරියට ඇවිත් තියෙනවා රෝගීන් වාර්තා වීමත් එක්ක. ඒ කියන්නෙ අපි මාස ඒක හමාරක වගේ කෙටි කාලයක් තුළ ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ල නරක පැත්තට. ඒ කියන්නෙ රෝගීන් වාර්තා වීම වැඩි වීමේ පැත්තට. ඉතින් ඒ නිසා ඉතා ම පැහැදිලිව යම් අවදානම් තැනක අපි ඉන්නව කියන එක අපි පැහැදිලි කර ගන්න ඔ්න. ඒ වගේ ම සංකීර්ණ තැනකට අපි රටක් විදිහට යමින් තියෙනව කියන එක පැහැදිලි කර ගන්න ඔ්නෙ."

මේ අතර, කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 30000 ඉක්ම ගිය පසු ඉතා ශීඝ්‍රයෙන් ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

"සමස්තයක් ලෙස රටේ තත්ත්වය ගත්තා ම තිස් දහසකට වඩා රෝගීන් පිරිසක් වාර්තා වෙලා තියෙනව. ඒක ඉතා ම සැලකිල්ලෙන් කළමනාකරණය කර ගන්න ඔන. ලෝකය පුරා ම අපේ අත්දැකීම් පාදක කර ගත්තහම 30000 කියන ඉලක්කම ලෝකය පුරා රටවල්වල රෝගීන් වාර්තා වන රටාව අධ්‍යයනය කළා ම අපිට පේන්න තියෙන දේ තමයි, යම් රටක් රෝගීන් 30000 සීමාව පැන්නට පස්සෙ ශීඝ්‍ර ව්‍යාප්තියක් ලෝකෙ හැම රටක ම අපි දැක්ක. ඒ නිසා අපේ රට තුළත් 30000 සීමාව පැන්නට පස්සෙ අපේ රට තුළත් මුහුණ දෙන්න තියෙනව, ලෝකයේ අනික් රටවල වුණා වගේ තත්ත්වයක් ඇති නොවෙන්න අපි කටයුතු කිරීම. මොක ද අනික් රටවල්වල 30000 ඉඳන් 40000ට එන්න, 40000 ඉඳන් 50000ට එන්න ඉතා ම කෙටි කාලයක් තමයි ගත වෙලා තියෙන්නෙ. ලංකාව තුළත් මේ වාර්තා වෙන ස්වභාවයන් ගත්තා ම එතෙන්ට ගමන් කරමින් තියෙනව ද කියන සැකය සමහර දෙනෙකුට මතු වෙන්න පුළුවන්. ඒ සැකය සාධාරණයි."


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements