Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය කොරෝනා ආසාදිතයන් ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව තහවුරු කලේය.

එම ඖෂධය සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමි වී තිබේ. අදාල ඖෂධය නිෂ්පාදනය කරන අයුරු දැක බලා ගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුයේ විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට අද දිනයේ ගොස් ඇත.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙන්නේ මෙම ඖෂධයට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දී ඇති බවයි.

මේ අතර වූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ අදාළ ඖෂධය පිළිගැනීම සඳහා වන ලිඛිත කටයුතු මෙරට ඉහළම විශේෂඥ කණ්ඩායමක් ට භාර දී ඇති බවත් එය අප්‍රමාදීව සිදුවනු ඇති බවත්ය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements