Advertisement


කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී එළැඹෙන සතිය තීරණාත්මක බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

මෙම සති අන්තයේ හැකි තරම් සංචරණය සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,365 ක්. ආසාදිතයින් 8,004 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2,284 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් එම කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,227 ක්.

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අඩුවද්දී, අනෙක් පළාත්වල කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements